Home Tech News ගෙදර වැඩට උදව් කරන – Google Home
Tech News

ගෙදර වැඩට උදව් කරන – Google Home

Share
blank
Share

Google home කියන්නෙ අපේ voice commands වලින් නොයෙක් වැඩ කරන්න පුලුවන් පුංචි tech gadget එකක්. internet එකත් එක්ක සම්බන්ධ වෙලා ඒ හරහා තමන් කැමති සින්දු play කිරීම වගේ සරල දේවල් වල ඉදල නිවසක විදුලි උපකරණ උෂ්ණත්ව පාලක වගේ දේවල් පාලනය දක්වා දේවල් කරන්න Google Home ට පුලුවන්.

කාලයක් පරිගණකයකට කවදාවත් කරන්න බැරි දෙයක් විදිහට හිතපු මිනිස් කටහඩ හදුනා ගැනීම වගේම එය හදුනාගෙන කතාවෙන්ම උත්තර දෙන්නත් Google Home speaker එකට පුලුවන්. Android Phone එකක් එක්ක සහ internet එකත් එක්ක connect වෙලා ලෝකෙ හැම තොරතුරක්ම අහන පමාවෙන් උත්තර දෙන්න පුලුවන් වෙනකන්ම තාක්ෂණය දියුණු වෙලා කියන එක අපි කාටත් පිළිගන්න වෙන කාරණයක්.

හැබැයි මිනිස්සුන්ට වගේ තර්ක කිරීමේ හැකියාවක් තාමත් මේ AI (Artificial intelligence කෘතිම බුද්ධියට) නැහැ කියල ඔප්පු වෙන සිදුවීම් ගණනාවක් ගැනම වාර්තා උනා. මේකෙදි TV එකේ යන Ad වල තියෙන වචන නිසා මේ Digital Assistant උපකරණ විවිධ ප්‍රතිචාර දක්වන එක මේ තාක්ෂණයෙ දැනට තියෙන සීමාවන් විදිහට කියන්න පුලුවන්. කටහඩ අදුන ගත්තට ඒක කාගෙද ඇත්ත දෙයක්ද කියන එක ගැන තේරුම් ගැනීමක් මෙතනදි වෙන්නෙ නැහැ.

මේකට මෑතකදි දෙන්න පුලුවන් හොදම උදාහරණය තමයි 2017 අප්‍රේල් 13 වෙනිද ඇමරිකාවෙ විකාශනය වෙච්ච burger King Ad එක. මේකෙන් ගෙවල් වල තිබ්බ Google Home මේ Ad එකේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න පටන් ගත්ත කියල වාර්තා වෙනව. මේක මිනිසුන්ගෙ නිර්මාණශීලී හිතීමේ හැකියාවත් පරිගණක ආශ්‍රිත කෘතිම බුද්ධියට තියෙන සීමාත් දක්වන හොද අවස්ථාවක්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...