Home Tech News YouTube වෙතින් Ad Blocker සදහා තවත් නීති එක්කරයි
Tech News

YouTube වෙතින් Ad Blocker සදහා තවත් නීති එක්කරයි

Share
blank
Share

YouTube මගින් දැන් ad blocker ඇප් සදහා දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනව. YouTube නොමිලේ බාවිතා කිරීමේදී විශාල වශයෙන් ඇඩ් පෙන්වන නිසා පරිශීලකයන් ad blocker ඇප් බාවිතා කිරීමට පෙලබුනා. නමුත් YouTube සමාගම දිගින් දිගටම මේ සදහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනව. ඒ ඔවුන්ගේ Premium සේවාව ලබාගැනීමට පරිශීලකයන් පෙළබවීම සදහායි.

මේ ආකාරයට YouTube සමාගම දැන් ad blocker බාවිතා කර වීඩියෝ නැරබීමේදී එම වීඩියෝව කෙලින්ම අවසානය තෙක් ස්කිප් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනව. එනම් ඔබ ad blocker එකක් යොදාගෙන වීඩියෝවක් නැරබීමට ක්ලික් කල විට එම වීඩියෝව කෙලින්ම අවසානය දක්වා ස්කිප් වී නතර වෙනව. ඔබ ad blocker එක අක්‍රීය කලවිට සාමාන්‍ය පරිදි එම වීඩියෝව ප්ලේ වෙනව.

ඒවගේම Reddit වල පලකර තිබූ විස්තර වලට අනුව ad blocker බාවිතා කර විඩීයෝ නැරබීමේදී එය රිප්ලේ කිරිමේ හැකියාවද නොමැති බව වාර්තා වෙනව. ඔබ වීඩියෝවේ යම් තැනකට ස්කිප් කලවිට එය නොනැවතී buffer වීමකට ලක් වෙනව. තවත් සමහර පරිශීලකයන් සදහන් කර තිබුනේ ඔවුන්ගෙ වීඩියෝ ප්ලේ වෙන නමුත් එහි ශබ්දය නොමැති බවයි. ටික වෙලාවකට ශබ්දය වැඩ කර ඉන්පසු එය මියුට් වන බව එම පරිශීලකයන් සදහන් කර තිබෙනව.

මෙම අවස්ථාවේදී, පරිශීලකයින් ad blocker භාවිතා කිරීම නැවැත්වීමට පොතේ ඇති සෑම උපක්‍රමයක්ම උත්සාහ කිරීමට YouTube සමාගම සූදානමෙන් සිටිනව. වෙළඳ දැන්වීම් යනු YouTube සමාගමේ විශාලතම ආදායම් මූලාශ්‍රවලින් එකක්. නමුත් දැඩි පරිශීලකයින් ද පසුබසින්නේ නැහැ. ඔවුන් දැන් දැන්වීම් මග හැරීමට නිර්මාණාත්මක ක්‍රම සොයමින් සිටිනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...