Home Tech News social media WhatsApp වලට අලුතින් එකතු වුනු Messages Pin කිරීමේ විශේෂාංගය
social mediaTech News

WhatsApp වලට අලුතින් එකතු වුනු Messages Pin කිරීමේ විශේෂාංගය

Share
blank
Share

WhatsApp වෙතින් දිගින් දිගටම අලුත් විශේෂාංග හදුන්වා දෙනව. මේ ආකාරයට පසුගිය ඔක්තෝම්බර් මාසයේදී beta පරිශීලකයන් කිහිපදෙනෙකුට නිකුත් වුනු විශේෂාංගයක් තමයි මැසේජස් පින් කිරීමේ හැකියාව ලබාදීම. දැන් මෙම විශේෂාංගය සියලුම පරිශීලකයන් සදහා නිකුත් කර තිබෙනව.

දැන් Android සහ iOS පරිශීලකයන්ට Chat එකක් ඇතුලෙ තියෙන Message එකක් තෝරගෙන මෙම මැසේජස් පින් කිරීමේ හැකියාව ලබාදී තිබෙනව. ඒවගේම මෙය WhatsApp Web සදහාත් සහය දක්වනව. මේ ආකාරයට පරිශීලකයන්ට texts, polls, images, emojis ඇතුලු සියල්ලක්ම පින් කිරීමේ හැකියාව තිබෙනව. ඒවගේම මේ සියල්ලක් සදහාම end-to-encryption පහසුකම තිබෙනව. ඔබට මැසේජස් පින් කිරීම සදහා පැය 24, දවස් 7 හෝ දවස් 30 ලෙස තෝරාගැනීම් තුනක් තියනව. මෙහි default තේරීම ලෙස තිබෙන්නෙ දවස් 7ක් ලෙසයි.

මෙම පහසුකම individual සහ group චැට් වල බාවිතා කරන්න පුලුවන්. ඒවගේම group චැට් වල ඇඩ්මින් හට මැසේජ් පින් කිරීමේ හැකියාව අනෙක් සාමාජිකයන්ටත් ලබාදෙන්න හෝ නොදෙන්න පුලුවන්. පින් කරන මැසේජස් සියලු දෙනාටම බලාගන්න පුලුවන් වගේම එම මැසේජ් එක පින් කල පුද්ගලයාත් මෙහි පෙන්වනව.

Android වල මේ ආකාරයට මැසේජ් පින් කිරීමට කලයුත්තෙ පින් කිරීමට අවශ්‍ය මැසේජ් එක තෝරාගෙන ඒ මත ක්ලික් කරගෙන සිටිවිට දකුනු කෙලවරෙ දිස්වන තිත් තුන මත ක්ලික් එහි එන මෙනු එකෙන් පින් ඔප්ශන් එක තේරීමයි. iOS වල මෙය කිරීමට කලයුත්තෙ More ඔප්ශන් එක තෝරා එමගින් පින් ඔප්ශන් එක ක්ලික් කිරීමයි.

පින් කරන ලද මැසේජ් එකක් අන්පින් කිරීමට පින් කරන ලද මැසේජ් එක මත ක්ලික් කරගෙන සිටිවිට එන මෙනු එකෙන් අන්පින් තෝරාදිය යුතුයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...