Home Tech News Internet Virtual ක්‍රමයට සාප්පු සවාරි යාම
InternetTech News

Virtual ක්‍රමයට සාප්පු සවාරි යාම

Share
blank
Share

ඇමරිකානු බහුජාතික සමාගමක් වන Walmart ආයතනය මගින් නවතම metaverse අත්දැකීම් දෙකක් පරිශීලකයන් වෙත හදුන්වා දී තිබෙනව. මේවා Roblox gaming platform එක තුලයි දියත් කර තිබෙන්නෙ. නමින් Walmart Land සහ Walmart’s Universe of Play වන මෙම virtual අත්දැකීම මගින් පාරිබෝගිකයන්ට නවමු විනෝදාස්වාදයක් විදගන්න හැකි වෙනව.

Walmart Land මගින් දෛනිකව මිලියන 52කට අධික පරිශීලකයන් සංඛ්‍යාවක් සිටින Roblox ප්‍රජාව වෙත virtual විලාසිතා, රූපලාවන්‍ය සහ විනෝදාස්වාද ලබාගත හැකි අතර Walmart’s Universe of Play මගින් games සහ virtual toys ලබාගත හැක.

Walmart Land විසින් virtual වෙළඳ භාණ්ඩ ගබඩාවක අත්දැකීමක් ලබාදෙන අතර මෙහි ඇති විවිධ ක්‍රීඩා හා තරග වලින් ජයග්‍රහනය කර unlockable tokens සහ badges දිනාගැනීමේ අවස්තාවක්ද පරිශීලකයන්ට පවතිනව.

මෙම Walmart Land ප්‍රදාන වශයෙන් virtual අත්දැකීම් තුනක් ලෙස වෙන්කර තිබෙනව. එනම්, Electric Island, House of Style සහ Electric Fest ලෙසයි. මෙහි Electric Island තුල පරිශීලකයින්ට විවිධ බීට් මිශ්‍ර කිරීමට ඉගෙන ගත හැකි DJ කුටියක් ඇතුළත් වෙනව. House of Style මගින් virtual ඇඳුම් පැළඳුම් කාමරයක්, roller skating වළල්ලක් හා රූපලාවණ්‍ය පාඨමාලාවක්ද පවතිනව. Electric Fest මගින් පරිශීලකයින්ට Madison Beer, Kane Brown සහ Youngblood වැනි ජනප්‍රිය කලාකරුවන්ගේ ප්‍රසංග ඇතුළත් motion-capture ප්‍රසංග උත්සවයකට සහභාගී වීමට හැකි වෙනව.

දැන් පරිශීලකයන්ට PC, Mac, iOS, Android, Amazon උපාංග, Xbox කොන්සෝල, Oculus Rift සහ HTC VIVE ඇතුළු ඕනෑම උපාංගයකින් Roblox.com වෙත පිවිස Walmart’s Universe of Play සහ Walmart Land හි අත්දැකීම විදගන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...