Home Games මේ මාසෙ එන Sonic Racing: CrossWorlds
Games

මේ මාසෙ එන Sonic Racing: CrossWorlds

Share
blank
Share

Sonic Racing: CrossWorlds කියන්නේ Sonic world එකෙ නවතම kart රේසිං ගේම් එක. මේ game එක 2025 සැප්තැම්බර් 25 වෙනිදා PlayStation 4 & 5, Xbox One & Series X|S, Nintendo Switch, PC සඳහා නිකුත් වෙලා, පසුව Switch 2 සඳහාද එන්න තියෙනවා. 

රේස් එකේදී ක්‍රීඩකයාට fun tracks තුළ වට 3ක් යා යුතුයි. නමුත් මෙහි විශේෂත්වය වන්නෙ රේස් එක අතරතුරදී, නායකයා “Travel Ring” එකක් තෝරා ගන්නවා. එවිට සෑම කෙනාම දෙවැනි වටය සඳහා සම්පූර්ණයෙන්ම නව ලෝකයකට මාරු වෙනවා. මේ ලෝක වලට CrossWorlds කියනවා, සහ ඒවා රේස් එකකට රේස් එක වෙනස් වෙමින් නව බාධක සහ අලුත් surprises අරගෙන එනවා. water, air, animals, odd terrain වගේ.

ඔයාට සොනික් සහ එයාගේ යාළුවෝ ඇතුළු ක්‍රීඩකයන් 23කට වැඩි විශාල කණ්ඩායමකින් player ලෙස තෝරාගන්න පුළුවන්. ඒ වගේම විශේෂ අමුත්තන් මෙන්ම Persona 5 හි ජෝකර්, Yakuza හි Ichiban Kasuga, Hatsune Miku, සහ Minecraft හි Steve ලාත් game එකට add කරල තියනවා.

මෙම ගේම් එකේ ඔයාට තමන්ගේ ride එක සම්පූර්ණයෙන්ම personalize කරන්න පුළුවන්. 45කට වඩා different vehicles එකතු කරගන්න, 70කට වඩා gadgets යොදගන්න, සහ ඔබට ගැලපෙන වර්ණ, decals, වෙනත් විවිධ අංග තෝරාගන්න හැකියාව තියෙනවා

ඔයාට තනියම සහ, නැත්නම් යාළුවොත් එක්ක විවිධ ආකාර වලට race play කරන්නත් පුළුවන්. Online මගින් 12 දෙනෙක් දක්වාත්, නැත්නම් local split-screen mode එකෙන් යාළුවොත් එක්ක play කරන්න පුලුවන්.

Race පැවැත්වෙන්නෙ flat මාර්ගවල පමණක් නොවේ. Travel Rings නිසා, එම රේස් එකේම ගමන් මාර්ගය පොළවෙන් මුහුදට, එතැනින් අහසට පවා මාරුවිය හැකිය. එමඟින් එකම ලැප් එක funny සහ අත්දැකීම් සහිත අළුත් ආකාරයක් ගනීවි.

ක්‍රීඩකයින් සහ විචාරකයින් පවසන්නේ ක්‍රීඩාව bold and exciting  බවයි. එය kart game සදහා අලුත් සහ වෙනස්ම game එකක් ලෙස හඳුන්වනු ලබන අතර, deep customization, smart tricks, and wild tracks  වැනි අංග නිසා Mario Kart වගෙ ප්‍රචලිත විය හැකි බවද පෙන්වා දෙනවා.

Share
Written by
Malaka Madhubhashana

Software development student

Leave a comment

Leave a Reply

Related Articles

ලංකාවේ හදපු Song of Kings Game එක

Song of Kings යනු Sri lankan game studio එකක් වන Mogo Games...

ඔක්තෝබර් 21ක එන Vampire: The Masquerade – Bloodlines 2

Vampire: The Masquerade – Bloodlines 2 යනු ක්‍රීඩකයින් අඳුරු සහ අද්භූත වැම්පයර්...

Marvel Rivals ගැන කතා කරමු

Marvel Rivals යනු ප්‍රසිද්ධ මාර්වල් වීරයන් සහ දුෂ්ටයන් තෝරාගෙන කණ්ඩායම් වශයෙන් සටන්...

Wukong ගෙන් පසු ප්‍රචලිත වීමට නියමිත Black Myth: Zhong Kui.

Gamescom 2025 දී චීන ගේම් ස්ටුඩියෝවක් වන Game Science සෑම අයෙකුම පුදුමයට...