Home Tech News social media Snapchat වෙතින් හදුන්වාදෙන නවතම Director Mode
social mediasoftwareTech News

Snapchat වෙතින් හදුන්වාදෙන නවතම Director Mode

Share
blank
Share

ලොව වඩාත් ජනප්‍රියම social media අතර තියන තවත් එක platform එකක් තමයි Snapchat කියන්නෙ. මේ Snapchat සමාගම විසින් අලුතෙන් හදුන්වා දෙන්න යන විශේෂාංගය තමයි Director Mode නමින් හදුන්වන video tool එක. මේ අලුත් update මේ මාස‍යෙ ඉදන් සියලුම iOS පරිශීලකයන්ටත් දැනට තෝරාගත් Android මාදිලි කිහිපයකටත් පමනක් නිකුත් කර තිබෙනව. ඉදිරි මාස වලදී මෙය සියලුම දුරකතන මාදිලි සදහා නිකුත් කරන බව Snapchat සමාගම පවසා තිබෙනව.

මෙම නව Director Mode එක පිලිබදව මුලින්ම එලිදැක්වූයේ මේ වසරේ අප්‍රේල් මාසයේදීයි. මෙහි ඇති tools මගින් videos film කිරීමට සහ edit කිරීමට අවශ්‍ය නව විශේෂාංග කිහිපයක් හදුන්වා දෙනව. ඒවායින් එකක් ලෙස Green screen හදුන්වන්න පුලුවන්. මෙය මෙනමින්ම TikTok තුල filter ලෙස තිබෙනව. ඒවගේම dual camera පහසුකමත් තවත් එක් නව විශේෂාංගයක්. එමගින් එකවර ඉදිරිපස හා පිටුපස කැමරා දෙකම මගින් photo හෝ video ලබාගන්නවා.

මෙහි පවතින තවත් විශේෂාංග වන්නේ quick edit පහසුකමයි. එමගින් පරිශීලකයන්ට videos trim සහ splice කිරීමටත් video වල ධාවන වේගය අඩු වැඩි කිරීමටත් හැකියි. මෙම Director Mode එක වෙනම icon එකක් ලෙසින් main camera toolbar එක තුල දකින්න ලැබෙනව.

Snapchat විසින් මීටපෙර Spotlight නමින් විශේෂාංගයක් හදුන්වා දුන්නා. එහි වීඩියො නිර්මානය කරන පරිශීලකයන්ට ගෙවීමක්ද සිදුකරනව. මේවායේ ප්‍රධාන අරමුණ TikTok සේවය හා තරග කිරීමයි. Snapchat සමාගමේ CEO Evan Spiegel පවසා තිබුනේ 2023 වසර වනවිට සෑම දිනකම Snapchat බාවිතා කරන්නන්ගෙන් 30% දෙනෙකු Spotlight අනිවාර්යයෙන්ම බාවිතා කලහැකි ආකාරයට කටයුතු කරන බවයි.

අනෙක් platforms පවා මේ ආකාරයට TikTok හා තරග කිරීමට විවිධ video editing tools තමන්ගේ සේවාවන් සදහා එක්කරමින් ඉන්නව. ඒ අතර Instagram සේවය මෑතකදී Reels සදහා update කිහිපයක්ම නිකුත් කරා. ඒ වගේම YouTube මගිනුත් මේ ආකාරයට තමන්ගේ short video platform වැඩිදියුනු කරමින් පවතිනව. මේ සියල්ලන්ගේම අරමුන දැනට සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින TikTok සේවාව අභිබවා යාමයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...