Home Tech News Samsung සමාගම නිකුත් කරන්න යන Smart මුද්ද
Tech News

Samsung සමාගම නිකුත් කරන්න යන Smart මුද්ද

Share
blank
Share

Samsung සමාගමෙන් නිකුත් කරන්න යන අලුත්ම Tech product එක තමයි Samsung Galaxy Ring කියන්නේ. තවමත් මේක මිලදී ගන්න වෙළදපොලට නිකුත් වෙලා නම් නැහැ. 2024 අවුරුද්ද ඇතුලත නිකුත්වෙයි කියලා තමයි තොරතුරු ලැබිල තියෙන්නේ. දැනටම මිලදීගන්න පුළුවන් Oura Ring Gen3 සහ Evie Ring වගේ ඉතා හොඳ මට්ටමේ ස්මාට් මුදු වෙළදපොලේ අපිට බලාගන්න පුළුවන්. මේවා එක්ක තරග කරන්න එන Samsung Ring එකේ තියෙන පහසුකම් මොන වගේද කියල බලමු

මේක ප්‍රමාණ හතරකින් නිකුත්වෙයි කියලා තමයි කියවෙන්නේ. වෙනත් ස්මාර්ට් මුදු වල වගේම මේකෙත් හොඳින් වැඩිදියුණු කරපු built-in heart rate monitor එකක්, blood pressure monitoring and aFib detection system එකක් , sleep tracker, සහ blood oxygen levels and body composition system එකකින් සමන්විත වෙයි කියලා තමයි තොරතුරු ලැබිලා තියෙන්නේ. මේ වගේ සෞඛ්‍ය සම්බන්ද පහසුකම් වගේම මුද්ද පාවිච්චි කරන අයට සම්බන්ධ වෙලා තියෙන වෙනත් උපකරණ පාලනය කරන්න පුළුවන් හැකියාවත් තියෙයි කියලා විශ්වාස කරනවා. උදාහරණයක් විදිහට Smart TV එකක් පාලනය කරන්න වගේ දේවල් මේ මුද්දෙන් කරන්න පුළුවන් වෙයි කියලා කියනවා. බොහෝ දුරට, මුද්ද බ්ලූටූත් හරහා ඔයාගේ ස්මාර්ට් ජංගම දුරකථනයට සම්බන්ධ කරන්න පහසුකම තියෙයි. තාමත් මේ මුද්ද නිකුත් කරන දිනයක්වත් මේකෙ මිලවත් Samsung සමාගම විසින් කියලා නෑ. එත් මේ මුද්ද $300 ත් $550 ත් අතර පරාසයක මිලක් වෙයි කියලා ඇතැම් වෙබ් අඩවි පෙන්වල දෙනවා.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...