Home Tech News cyber security Samsung සමාගමෙන් messages සදහා zero-click antivirus විශේෂාංගයක්
cyber securitysocial mediaTech News

Samsung සමාගමෙන් messages සදහා zero-click antivirus විශේෂාංගයක්

Share
blank
Share

Zero-click attacks නමින් හදුන්ව ක්‍රමය මගින් පරිශීලකයන් කිසිවක් ක්ලික් කිරීමකින් තොරවම ඔවුන්ගේ දත්ත තුන්වැනි පාර්ශවයක් විසින් සොරා ගැනීම දැන් බහුලව සිදුවෙනව. මෙය සිදුවන්නෙ දුරකථනයට messaging ඇප් හරහා පැමිනෙන පින්තූර, වීඩියො වැනි ෆයිල් ඩවුන්ලෝඩ් කිරීම මගිනුයි.

මෙයට විසදුමක් ලෙස Samsung සමාගම විසින් නව විශේෂාංගයක් හදුන්වා දී තිබෙනව. එය නමින් Message Guard. මෙය දැනට Samsung Messages app සහ Google Messages තුළ ක්‍රියාකරන අතර එය දැනට සහය දක්වන්නේ Galaxy S23 series දුරකථන වලට පමනයි.

මෙම Message Guard විශේෂාංගය සෑමවිටම background එකෙන් run වෙනව. එමගින් messaging ඇප් එක හරහා පැමිනෙන PNG, JPG, JPEG, GIF, ICO, WEBP, BMP සහ WBMP යන ෆයිල් සියල්ලක්ම පරීක්ශා කර ඒවායේ malicious code කිසිවක් අඩංගු නොවන බවට තහවුරු කරගෙන පමනක් ඒවා දුරකථනය තුල ගබඩා කර තබාගන්නව.

Samsung සමාගම මෙම Message Guard විශේෂාංගය ඔවුන්ගෙ අනෙක් One UI 5.1 හෝ එයට වැඩි සංස්කරණ සහිත සියලුම දුරකථන වලට නිකුත් කිරීමට සැලසුම් කරගෙන යනව. ඒවගේම මෙම විශේෂාංගය අනෙක් තුන්වැනි පාර්ශවීය messaging ඇප් සදහාත් සහය දක්වන ලෙස නිර්මානය කරන බව ඔවුන් පවසා තිබෙනව.

මේ ආකාරයේ විශාල zero-click attack එකක් 2020දී Citizen Lab විසින් සොයා ගත්ත. ඒ iOS / iMessage මගින් මාධ්‍යවේදීන්, දේශපාලඥයින් සහ ක්‍රියාකාරීන්ගේ දුරකථනවලට Pegasus spyware එක ස්ථාපනය කර ඔවුන්ගේ දත්ත ලබාගැනීමක් පිලිබදවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...