Home Reviews RAZER Chimaera 5.1 wireless headset unboxing
Reviews

RAZER Chimaera 5.1 wireless headset unboxing

Share
blank
Share

2012 දි xbox 360 සහ computer වලට නිකුත් කරපු RAZER Chimeara 5.1 හෙඩ් සෙට් එක gaming සදහාම නිපදවපු features වලින් සමන්විතයි. රැහැන් රහිත (wireless) තාක්ෂණයෙන් සම්බන්ධ වෙන මෙහි වෙනම docking station එකක් අඩංගු වෙනව. මේ මගින් Xbox එකට හරි computer එකට හරි මීටර් 10ක පරාසයකට headset එක හා සම්බන්ධ වෙමින් කටයුතු කරන්න මෙයට හැකියි.

Package එකේ අඩංගු දේ

  • Docking station එක
  • 5.1 wireless headset එක
  • විවිධ socket සදහා plug heads 4ක්
  • Rechargeable AAA battery 2ක්
  • power brick එක
  • 3.5 mm cable 1ක්
  • මේක computer එකට connect කරන්න 3.5 mm jack 2ක් වෙනම මිලදී ගන්න වෙනව.

Design එක

Head Set unit එක කන්වලට හොදින් lock වෙන විදිහට padding එකක් තියෙනව. මේක ගොඩක් වෙලා දාගෙන ඉද්දි කන් පෙති රිදෙනව නම් size එක adjust කරගත්තම ඒක හරියනව. wireless range එක අඩි 30ක් නිසා dock එක PC එකට connect කරල ඕනම තැනක තියන්න පුලුවන්, මේක ඕන වෙන්නෙ headset එක charge කරන්න ඕන වෙලාවට විතරයි.  Sound සහ Mic volume එක control කරන buttons තියෙන්නෙත් head set එකේම පිටි පස්සට වෙන්නයි.

මේකෙ Technical specifications වෙන්නෙ

  • Radio Frequency: 5.8GHz
  • Dolby Digital
  • Wireless Range: 33ft / 10m
  • Frequency Response: 20 – 20,000 Hz
  • Impedance: 32O at 1kHz
  • Sensitivity (@1kHz, 1V/Pa): 105dB +/- 2dB
  • Drivers: 50 mm, with Neodymium Magnets
  • Batteries: 2 AAA Batteries (Up to 8 Hours Battery Life)
  • Charging Time: 3 Hours

Build Quality එක

හැම කොටසක්ම ඒක පාවිච්චි වෙන විදිහ අනුව වැඩි කාලයක් රදා පවතින විදිහට  ඉතාම හොද material වලින් මේ product එක නිපදවල තියෙන්නෙ. Mic එක ආරක්ෂිතව හකුලන්න පුලුවන් වගේම පාවිච්චි කරන වෙලාවට එහෙ මෙහෙ වැදුනට කැඩෙන්නෙ නැහැ. RAZER ල හැම කොටසකම material ගැන හොදට හිතල තියෙනව. කන් වලට pad වෙන කොටසෙ තද ගතියක් තියෙනව. AAA battery දාන්න තියෙන්නෙ headset එකේමයි. මේවා charge වෙන්නෙ docking station එකේ තියෙන pins වලින් head set එක හරහාමයි. මේ වගේ පුංචි දේවල් වලින්, පාවිච්චි කරන්න පහසු සහ wear & tear (ගෙවීයාම) අවම වෙන විදිහට මෙය නිපදවල තියෙනව.

Experience

5.1 sound experience එකක් ගන්න නම් මේ headset එක වගේම හොද sound card එකක් තියෙන්නත් ඕන. Onboard sound උනත් 5.1 facility එක තියෙනවනම් තමයි මේකෙ quality එක test කරන්න පුලුවන්. Sounds නම් සුපිරියටම තියෙනව. low සහ high හොද වෙනසක් එක්ක  ඇහෙනව. Base quality එකත් හොදයි. Battle Field 4 Game එකේ Sounds වල සැබෑ වෙනසක් තිබුන. mic එකත් හොදට voice එක pic කරනව. head set එකට කන වැහෙන නිසා ගොඩක් වෙලාවට කතා කෙරනේනෙ හයියෙන්. ඒත් පොඩි clips record කරද්දි low voice පවා හොදින් ඇහෙනව.

මිල‍

දැනට Amazon, Ebay වලින් ඩොලර් 30 ඉදන් එක එක ගනන් වලට මිලදී ගන්න පුලුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

3 Comments

Leave a Reply

Related Articles

Business වැඩට High Security – Tough Design එකක් එක්ක asus P5

Gaming වලින් Business වැඩ වෙනස් වෙන්නෙ අතිශය සංවේදී business details ආරක්ෂිතව තියාගන්න...

Professional වැඩවලට Asus ProArt Displays

Real world Colors ඒ වගේම පෙන්වන්න පුළුවන් ΔE<2අගයක් තියෙන Asus ProArt series...

MSI Pro Series MP223 Monitor Review

MSI Pro Series එකේ අගල් 22 Monitor එක දැන් ලංකාව පුරාම Computer...