Home Games අලුත් වෙන PUBG Mobile! PUBG: New State
GamesTech News

අලුත් වෙන PUBG Mobile! PUBG: New State

Share
blank
Share

ලංකාවෙ අතිශය ජනප්‍රිය PUBG Mobile තවත් වෙනස් වෙලා අලුත් විදිහකට අලුත්ම ගේම් එකක් විදිහට ඉස්සරහට PUBG New State විදිහට Android සහ iOS devices වලට release වෙන්නයි යන්නේ. මේක PUBGM වලට වඩා අනාගත කාලය මුල් වුන Battle Royale ක්‍රීඩාවක්.

වර්තමාන PUBG games වලට වඩා අනාගත කාලයේ ඒ කියන්නෙ 2051 වර්ෂයෙ තමා මේ ගේම් එක ඔයාලට ප්ලේ කරන්න පුලුවන් වෙන්නෙ. ඒ Troi කියන අලුත්ම map එකක. අනාගත කාලයෙ නිසා ඒකට ගැලපෙන්නම දියුණු තාක්ෂණයක් සහිත ආයුධ සහ වාහන මේ ගේම් එකට ඇතුලත් කරල තියනවා. Trailer එක සහ images දැක්කම ගොඩක් COD Mobile සහ Warzone වලට සමාන gameplay එකක් තමා අපිට දකින්න ලැබෙන්නේ. මේ අලුත් ගේම් එක්ක ගොඩක් අය නොදන්න PUBG Lore එකටත් ගොඩක් අලුත් දේවල් එකතු වෙන්න යන බවයි ආරංචිය.

PUBG New State වල අලුත්ම Troi map එක 8km දිග සහ 8km පළලයි. Last man or team standing විදිහට playersල 100කට සටන් කරන්න තියෙන්නෙ. ගේම් එකේ developersල වෙන KRAFTON, Inc. සහ PUBG Studio කියන විදිහට ඔයාලට අනිත් PUBG games වලට වඩා හොඳ weapon customization system එකක් මේ අලුත් ගේම් එකේදි දැකගන්න පුලුවන් වෙයි.

පෙබරවාරි 25 announce කරපු PUBG New State වල developers ල වෙන්නෙ පළවෙනි PUBG PC සහ Console games develop කරපු අයමයි (PUBG Mobile develop කරන්නෙ වෙනම, ඒ චීන සමාගමක් වෙන Tencent). Developerල සඳහන් කරනව මේ ගේම් එක Mobile Gaming වල limits push කරන ඉතා තාත්වික graphics බලාගන්න පුලුවන් ගේම් එකක් වෙයි කියලත්.

මේ ගේම් එකට Pre Registration, Google Play Store එකේ දැනටමත් පටන් ඇරන් තියෙන්නෙ. Pre Register වෙන අයට exclusive rewards කිහිපයකුත් ලැබෙනවා. iOS සඳහා Pre Registration ලඟදීම පටන් ගන්නව කියලයි සඳහන් වෙන්නෙ. PUBG New State මේ අවුරුද්දෙ අන්තිම වගේ Official release වෙනවා.

Share

2 Comments

  • 1gb gtx 550ti ram 8 gb core 15 proccessor මගේ පටිට සෝලෝ ඇයි කියන්න කෝ කලින් හෝදට වැඩ කරා මෙ අළුත් අප්ටෙටි එකෙන් පස්සේ තමා

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...