Home Tech News ඇප් අප්ඩේට් කිරීම පහසුකරන PlayStore
Tech News

ඇප් අප්ඩේට් කිරීම පහසුකරන PlayStore

Share
blank
Share

අපෙ දුරකතන වල ඇප් විශාල ප්‍රමානයක් තියනවා. සමහර ඇප්ස් සිස්ටම් එකෙන්ම pre-install කර තිබෙන අතර අනෙක් ඇප්ස් අපෙ අවශ්‍යතාව අනුව බාගත් කරගත්ත ඒවා. ඉතින් මේ ඇප්ස් වලින් දිනපතා අප්ඩේට් පැමිනීම සාමාන්‍ය දෙයක්.

Google playstore එකෙන් මීටපෙර මේ විදියට පැමිනෙන ඇප් අප්ඩේට් කරගන්න ඉඩ දුන්නෙ වරකට එක බැගින්. එක් ඇප් එකක් අප්ඩේට් කර එය install වීම සිදු වූ පසුයි අනෙක් ඇප් එක අප්ඩේට් කරගත හැකිවූයේ. නමුත් දැන් අලුත් playstore අප්ඩේට් එකෙන් ඔබට එකවර ඇප් කිහිපයක්ම අප්ඩේට් කරගැනීමේ හැකියාව තිබෙනවා.

මෙය තමන්ගෙ දුරකතනයෙ ඇප්ස් යාවත්කාලීන තබාගන්න කැමති කාර්යබහුල ඔබට වැදගත් දෙයක්. මොකද සමහරවිට ඔබත් විවිධ ඇප්ස් වලින් ලබාදෙන beta tester පහසුකම සක්‍රීය කරගෙන තිබෙන්න පුලුවන්. එවිට දිනපතා එම ඇප් එකෙන් අප්ඩේට් පැමිනෙනවා. මේ ආකරයට අප්ඩේට් 50-100 පමන ප්‍රමානයක් තිබුනොත් ඒවා එකින් එක අප්ඩේට් කරගැනීමට විශාල කාලයක් වැයවෙනවා. නමුත් දැන් එසේ වන්නෙ නැහැ.

Google සමාගමෙන් බොහෝවිට මේ ඇප්ස් කිහිපයක් අප්ඩේට් කිරීමෙ හැකියාව ලබාදෙන්න ඇත්තෙ දැන් බොහොමයක් දුරකතන වල UFS හෝ NVMe වැනි වේගවත් storage systems තියන නිසා විය හැකියි. UFS storage system ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වල තිබෙන අතර NVMe storage system Apple දුරකතන දක්නට ලැබෙනවා.

දැන් මේ විශේෂාංගය playstore 42.4.22 සංස්කරණය සමග ලබාදී තිබෙනවා. ඔබෙත් playstore එක අප්ඩේට් වී තිබෙනවා නන් මෙය බාවිතා කරන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...