Home Tech News Hardware Google app එක නිසා overheat වෙන Pixel දුරකතන
HardwarePhonesTech News

Google app එක නිසා overheat වෙන Pixel දුරකතන

Share
blank
Share

Google Pixel දුරකතනයක් බාවිතා කරන පරිශීලකයන්ට දැන් චාජරය ලග තබා ගැනීම අත්‍යාවශ්‍ය කරුනක් වී තිබෙනව. Pixel පරිශීලකයන් මෑතකදී පැමිනිලි කර තිබුනේ ඔවුන්ගේ Pixel 6 Pro දුරකතන බාවිතා නොකර තිබියදීම අධික ලෙස රත්වී බැටරිය ඉක්මනින් බැස යන බවයි.

මෙයට හේතුව ලෙස ඔවුන් සිතන්නෙ මෑතකදී එනම් මැයි 12 වන දින Pixel දුරකතන සදහා නිකුත් වූ අප්ඩේට් එකෙන් පසුව මෙසේ සිදුවන බවයි. තවද Reddit සහ Google support forums තුලද මේ ආකාරයට සිදුවුනු පරිශීලකයන් පැමිනිලි කර තිබෙනව. එක් පරිශීලකයෙකු පවසා තිබුනේ ඔහුගේ දුරකතනයේ Google app එක සදහා අධික ලෙස බැටරිය වැය වී තිබුනු අතර Android System Intelligence සදහා ඉතාමත් අඩු වශයෙන් බැටරිය වැය වී තිබූ බවයි.

තවත් පරිශීලකයන් කිහිපදෙනෙකු තමන්ගේ දුරකතන factory reset කිරීමක් සිදුකර තිබුනද ඔවුන් පවසන්නෙ ප්‍රශ්නය තවමත් එලෙසම බවයි. සමහර පරිශීලකයන් Google app එකෙ පැරනි සංස්කරනයක් බාවිතා කර බැලුවත් එමගිනුත් ගැටලුව විසදී නැත. මේ සදහා ඔවුන් Google support බාවිතා කර තිබුනද ඔවුන්ගෙන් ඒ සදහා විසදුමක් ලැබී නැහැ.

කෙසේ නමුත් Google සමාගම මේ සම්බන්ධව කරුණු දක්වා ඇති අතර – Google App එක සදහා Server side update එකක් සහ තවත් Optimization ගණනාවක් සහිත App update එකක් නිකුත් කර තිබෙනව. – Link

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...