Home Tech News Pixel වලින් එලියට එන Google Assistant
Tech News

Pixel වලින් එලියට එන Google Assistant

Share
blank
Share

පාවිච්චි කරන්නෙ Android phone එකක්ද? එහෙනම් මේ කියන්න යන්නෙ අලුත්ම Android phone වලට එන අංගයක් ගැන. Alphabet සමාගම දැනටමත් Android වල තියෙන voice commands වැඩිදියුණු කරල voice assistant සේවාවක් විදිහට Google assistant ඉදිරිපත් කරේ  ඔවුන්ගෙ pixel phones එක්කයි. 2016 ඔක්තෝබර් launch එකෙනුත් මාස 5ක් යනකම් මේ feature එක pixel phone වලට විතරක්ම සීමා වෙච්ච අංගයක් වෙලයි තිබුනෙ.

Barcelonaහි මේ දිනවල පැවැත්වෙන mobile world congress එකේදි පෙන්වපු LG G6 phone එක google assistant සේවාව එක්ක නිකුත් වෙන පළමු Google නොවන phone එකයි. මේ වගේම Huawei සහ තවත් සමාගම් එක්ක Google සමාගම තමන්ගේ Voice assistant සේවාව නිකුත් කරන්න කටයුතු කරගෙන යනව. මේ දේවල් මෙහෙම වෙද්දි Apple සමාගම එයාලගෙ iPhone එකේ 10 වෙනි සංවත්සරයට ලගාවෙනව. (iPhone 8 ගැන තොරතුරු සදහා අපේ ලිපිය කියවන්න)

Apple සමාගමේ Siri සහ Amazon සමාගමේ Alexa voice assistant සේවා එක්ක තරග කරන Google Assistant මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නෙ Google Home speaker එකෙයි Google සමාගම නිපදවපු pixel phone වලයි විතරයි. දැන් අලුත්ම Android version එක තියෙන අනෙක් phone වලටත් Google assistant එන නිසා ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි වෙන AI Assistant විදිහට ලගදිම Google assistant පත්වෙයි.

Google Assistant ගැන වැඩි විස්තර දැනගන්න මේ Video එක බලන්න.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...