Home Tech News Graphics RTX 3060 TI කලින් එයි
GraphicsTech News

RTX 3060 TI කලින් එයි

Share
blank
Share

nvidia සමාගම RTX 3060 TI GPU එක 2020 නොවැම්බර් 17 වෙනිදා Announce කිරීමේ සූදානමක් පවතින බව වාර්ථා වෙනව. සාමාන්‍ය ආකාරයට වසරක් අවසන් වෙද්දි high end Models වල නිකුතුවක් සමග අළුත් වසරෙදි Budget Cards නිකුත් කිරීම Nvidia සමාගම මින් පෙර සිදු කල Release method එක උනත් මෙවර Radeon වල අභියෝගය Nvidia සමාගමට තදින්ම දැනිල.

Nvidia සමාගම RTX 3000 Launch එකත් සමගම ප්‍රමාණවත් තරම් Cards නොමැති වීම වගේම Radeon GPU වල Performance නිසා තමන්ගේ Fastestම GPU කිරුළට අභියෝගයක් එල්ලවීම යන පෙරමුණු දෙකෙන්ම පසුබෑමකට ලක්වෙලා.

මේ නිසා 2021 දි Launch කරන්න තිබුන RTX 3060 එක වෙනුවට RTX 3060 Ti Card එකක් නිකුත් කරන්න සූදානම් වෙනව. මේ හරහා 3070 Card එක ආසන්නයටම performance තිබෙන Card එකක් නිකුත් වීම සමගම 3070 Card එකක් මිළදී ගන්න සූදානම් වූ අයට තවත් ගැටළුවකට මුහුණදෙන්න වෙනව.

මේ සමගම මතුවෙන තවත් ගැටළුවක් වෙන්නෙ සුපුරුදු පරිදි Nvidia RTX 3000 SUPER Cards series එකකුත් නිකුත් වෙයිද යන ගැටළුවයි. මින් ‍පෙර RTX 3070 Ti Card එකක් නිකුත් කරන්න Nvidia සමාගම සූදානම් වුනත් ඒ වෙනුවට RTX 3060 Ti එක නිකුත් කරන්නයි සූදානම් වෙන්නෙ. මේ හරහා Radeon 6800 වලට තියෙන market එක ලබාගැනීමට Nvidia සමාගම සූදානම් වෙනව.

  • RTX 3060Ti Announcement එක දෙසැම්බර් මාසය දක්වා කල් යවා ඇති බව අලුත්ම ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙනව.
Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...