Home Tech News NVIDIA සමාගමෙන් අලුත්ම generative audio වැඩසටහනක්
Tech News

NVIDIA සමාගමෙන් අලුත්ම generative audio වැඩසටහනක්

Share
blank
Share

NIVIDIA සමාගමෙන් තවමත් පරීක්ශන මට්ටමේ තිබෙන AI model එකක් පිලිබදව විස්තර එළිදක්වා තිබෙනවා. එය නම් කරල තියෙන්නෙ Fugatto කියන නමින්. තවත් විදියට කියනව නම් Foundational Generative Audio Transformer Opus 1 ලෙසයි. මේ AI model එක audio සම්බන්ධ වැඩසටහනක්. මේ වැඩසටහනට අපිට prompt එකක් දීලා අපිට ඕනෙ විදියට audio track එකක් හදාගන්න පුලුවන්. ඒවගෙම දැනට තියන audio එකක් modify කරන්නත් පුලුවන්.

මේ වැඩසටහන සංවර්ධනය කරන්න එකතු වෙලා ඉන්නෙ ලොව වටා සිටින AI සම්බන්ධ තාක්ශනවේදීන්. ඒ හේතුවෙන් මේ Fugatto කියන වැඩසටහනෙ විවිධ රටවල් වලට ආවේනික සංගීත හඩවල් වගේම විවිධ භාශාවනුත් අඩංගු වෙනවා. මේ වැඩසටහන භාවිතයෙන් එදිනෙදා ජීවිතයෙදි වැඩකරගන්න හැටි NVIDIA සමාගමෙන් එලිදක්වා තිබෙනවා. සංගීත අධ්‍යක්ශකවරුන්ට ඉක්මනින්ම prompt එකක් ලබාදීමෙන් ගීතයක prototype එකක් නිර්මානය කරගැනීමේ හැකියාව තිබෙනවා.

මීට අමතරව පරිගණක ක්‍රීඩා සංවර්ධකයන්ට විවිධ sound effect නිර්මානය කරගැනීමත් මෙමගින් පහසුවෙන් කරගන්න පුලුවන්. මේ වැඩසටහනෙ අපි කලින් ලබාදීපු prompt එක්කර output එකක් ලබාගැනීමේ හැකියාවත් තිබෙනවා.

NVIDIA සමාගමෙන් මේ Fugatto වැඩසටහන තවමත් මහජන භාවිතයට නිකුත් කර නැහැ. මීටකලින් වෙනත් සමාගම් වලින් මෙවැනි generative audio වැඩසටහන් නිකුත් කරනු ලැබුවා. Meta සමාගමෙන් AI kit එකක් මීටපෙර නිකුත් කලා. මීට අමතරව Google සමාගමෙන් MusicLM වැඩසටහන නිකුත් කලා. පරිශීලකයන්ට ඒ වැඩසටහන AI Test Kitchen website හරහා භාවිතා කර බලන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...