Home Tech News Ai OpenAI වල අලුත්ම Text to Video tool එක- Sora
AiTech News

OpenAI වල අලුත්ම Text to Video tool එක- Sora

Share
blank
Share

OpenAI කියන්නේ Chatgpt වගේ ලෝකෙම පුදුම කරන tools නිර්මාණය කරපු සමාගමක්. ඉතින් මේ වෙනකොට මේ OpenAIලා අලුතෙන් Text to Video tool එකක් හදල තියෙනවා. මේකෙ නම තමයි Sora කියන්නේ. මේකෙන් Usersලට තමන්ගෙ හිතේ තියෙන අදහස් text එකක් විදියට දීලා Videos නිර්මාණය කර ගන්න පුළුවන් වෙනවා.

ඉතින් මේක හදුන්වා දීපු Blogpost එකේ තියෙන විදියට චරිත ගොඩක් තියෙන සංකීර්ණ දර්ශන, Motion Videos වගේම වටපිටාවේ Objects එක්කම Videos නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම Videos වල චරිත වුනත් චරිතයේ තියෙන හැගීම් වගේ දේවලුත් නිර්මාණය කරන්න මේ tool එකට පුළුවන් වෙලා තියෙනවා.

ඊට අමතරව අපි ගාව තියෙන photo වගේ දේවල් Video එකකට හරවන්න. Videos වල අඩුපාඩු කොටස් පුරවන්නත් පුළුවන්. මෙයාලගෙ Blogpost එකේ තිබුණ කැලිෆෝනියා වල ගුවන් දර්ශනය, ටෝකියෝ වල දුම්රියක් ඇතුලෙ වීඩියෝව වගේම කෞතුකාගාරයේ වීඩියෝ එක ඇත්තටම AI වලින් හදපු Videosද කියල මිනිස්සුන්ට එකපාරම හොයා ගන්නත් අමාරු තරමටම Realastic ගතියක් තිබුණා.

මීට ටික කාලයකට කලින් නම් Text to Image වලින් ඉදිරියෙන්ම හිටියෙ Midjourney වගේ Tools. ඒත් මේ වෙනකොට Text to Video වල දියුණුවක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. Runway, Pika වගේ tools වලින් මේ වෙනකොටත් Text to Videos හදා ගන්න පුළුවන්. ඒ වගේම Google වල Lumiere කියන්නෙ OpenAI වල Sora වල ප්‍රදානම තරග කරුවා. කොහොම වුනත් Lumiere වලින් නම් අපි දෙන Images වලට තමයි Videos create කරන්නේ. ඒ වුනාට OpenAI Sora වලට text to වීඩියෝත් නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙනවා.

මේ කොහොම වුනත් දැනටනම් මේ Sora tool එක පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ තෝරා ගත්ත Red Teams කිහිපයකට විතරයි. මොකද මේ tool එක එකපාරම නිකුත් කරොත් කලාකරුවන්ට, නිර්මාණකරුවන්ට,චිත්‍රපටි නිශ්පාදකවරු වගේ අයට මේකෙන් ලොකු පහරක් එල්ල වෙනවා.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...