Home Tech News software Branding වෙනස් කරන Microsoft Office
softwareTech News

Branding වෙනස් කරන Microsoft Office

Share
blank
Share

තමන්ගෙ අති සාර්ථක “Microsoft Office” සන්නාමය වසර 30කට පසුව වෙනස් Microsoft සමාගම කරන්න සූදානම් වෙනවා. මේ මෘදුකාංග පෙළෙහි වර්ධනය සනිටුවහන් කරමින් Microsoft Office, “Microsoft 365” ලෙස වෙනස් කිරීමට ආයතනය කටයුතු සූදානම් කරගෙන යනවා. මේ නිසා Excel, Outlook, Word, සහ PowerPoint වැනි Office apps වලට ලොකු වෙනසක් වෙන්නෙ නෑ, නමුත් Microsoft Office වෙනුවට Microsoft 365 හි කොටස් ලෙස මේ apps නම් කරාවී.

මේ අලුත් සන්නාම වෙනස Microsoft විසින් වසර ගණනාවක සිට ක්‍රමයෙන් සැලසුම් කරගෙනයි ආවේ. ආයතනය විසින් වසර දෙකකට පෙර Office 365 සේවාව Microsoft 365 නමින් වෙනස් කරා, නමුත් දැන් මේ වෙනස්කම් තවදුරටත් පුළුල්ව ක්‍රියාත්මක කරන්නයි යන්නේ. මේ වෙනස්කම පිලිබඳ Microsoft විසින් කරපු ප්‍රකාශනයක තියෙන විදිහට ඉදිරි මාස කිහිපයේදී Office.com, Office mobile apps සහ Office Windows app යන සියල්ල Microsoft 365 app එක බවට පත් වෙනවා, මේත් සමගම අලුත් පෙනුමක් වගේම අලුත් විශේෂාංගත් හඳුන්වලා දෙන්න ඔවුන් සූදානම් වෙනව කියලයි ප්‍රකාශ කරල තියෙන්නෙ.

ඔබ කුමක් හෝ Genuine Office app එකක් පාවිච්චි කරනවනම් ඉක්මනින් ඒක අලුත් logo එකක් සමග Microsoft 365 සන්නාමයට වෙනස් වේවී. මේ සන්නාම වෙනස මුලින්ම නොවැම්බර් මාසයේ Office.com මත දැකගන්න පුලුවන්. ඊට පස්සෙ ලබන අවුරුද්දෙ ජනවාරී මාසයේදී Windows, iOS, සහ Android Office apps සියල්ලත් මේ සන්නාම වෙනසට එකතු වෙනවා.

Microsoft Office සන්නාමය එක පාරම Microsoft විසින් ඉවත දමන්නේ නෑ. එක පාරක් මිලදී ගෙන පාවිච්චි කරන්න පුලුවන් Office 2021 සහ Office LTSC plans දිගටම පාරිභෝගිකයන්ට මිලදී ගන්න පුලුවන්. කොහොම උනත් දැන් Microsoft Office කියන්නෙ සමාගමට අයිති පරණ සන්නාමයක්, ඒ කියන්නෙ ඉදිරියේදි නිකුත් වෙන සියලුම අලුත් සේවාවන් සහ විශේෂාංගයන් ලැබෙන්න Microsoft 365 වලට මිසක් Microsoft Office වලට නෙවෙයි.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...