Home Tech News දිය වී ගිය Nvidia RTX 4090 Ti
Tech News

දිය වී ගිය Nvidia RTX 4090 Ti

Share
blank
Share

වසරින් වසර Graphic card වල තාක්ශණය මෙන්ම ප්‍රමාණයද විශාල වන අතර NVIDIA RTX 4090 Ti මේ වන විට පරීක්ශණ මට්ටමේ පවතින බව අළුත්ම Leaks අනුව දැනගන්න ලැබෙනව. NVIDIA හි Green room testing එකක් අතරතුරදී GPU නිශ්පාදකයින් පවසා ඇත්තේ මෙම GPU එක ලබාගන්නා power එක නිසා සැබවින්ම (melting) උනු වීමකට ලක් වන බවත් මෙහිදී PC එකේ Power supply එක විනාශ වී යන බවත්ය.එම නිසාවෙන් මෙය වෙලදපලට නිකුත් කිරීම අදහස තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

දැනට Leak වී තිබෙන තොරතුරු අනුව RTX 4090 Ti විසින් 600W ත් 700W ක් පමණ Power එකක් භාවිත කල බවත් මෙහිදී 16-pin PCIe connectors දෙකක් අවශය වූ බවත් වාර්තා වේ. Ada Lovelace Architecture එක මත නිපදවෙන RTX 4090Ti හි 24GB VRAM  එකක් සහ GDDR6x Memory type එකකින්ද 3GHz දක්වා වූ clock speed එකකින්ද යුක්ත වනු ඇති බවත්, RTX 4090 හා සසදන විට 20% ක පමණ performance improvement එකක් ලබා දෙනු ඇති බව පැවසේ.

TechSpot වාර්තා කර ඇත්තේ NVIDIA විසින් මෙය අනාගතයේ නිකුත් කල හැකි බවත් Power එක විශාල ලෙස භාවිතා වුවද මෙය Users ලා අතරේ බොහෝ සෙයින් ජනප්‍රිය වීමට ඉඩ ඇති බවත්ය.කෙසේ වෙතත් NVIDIA හට RTX 4090 Ti වෙළඳපොළට ගෙන ඒමට තවත් ඕනෑ තරම් කාලය තිබේ.

Share

Leave a comment

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...

Broadcom සහ OpenAI අතර AI චිප් ගනුදෙනුවක්

Broadcom සමාගම සහ OpenAI සමාගම අතර 2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද...