Home Games කංඡායුධ – Kanchayudha game
Games

කංඡායුධ – Kanchayudha game

Share
blank
Share

කංඡායුධ , අතීත ශ්‍රී ලංකාවේ වාසය කල ශක්තිවන්තයෙකුගේ වෘතාන්තයක් වටා ගෙවුණු, ත්‍රාසය සහ ක්‍රියාදාමයන් කැටි කොට ගත් ගවේශනාත්මක පරිගණක ක්‍රීඩාවකි. මෙහි ඇති විශේෂත්වය නම් මෙය ශ්‍රී ලංකාවේ නිපදවන ලද විශාලතම පරිගණක ක්‍රීඩාව වීමයි.මෙහිදී ඔබ හසුරවන්නේ අතීත ශ්‍රී ලංකාවේ විසු ‘භද්‍ර’ නම් ශක්තිමත් වීරයකුගේ චරිතයකි.

අතීතයේ තමන් හට සිදුවූ සිදුවිමක සුළමුල සොයා යන ඔහු හට ඒ ගමනේදී විවිධාකාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවේ. මෙම ක්‍රියාවන් පසු කර ගොස් තම වෘත්තාන්තයේ අවසානයට ලග වීමට ඔහු හට විවිධ ප්‍රහේලිකා විසඳීමට, ගවේෂණයට සහ ක්‍රියාදාමයන්ට මග විවර වේ. කංඡායුධ ක්‍රීඩාවේ පදනම අතීත ශ්‍රී ලංකාවේ ජිවන රටාව වුවද, මෙහි ඇති සියලුම නම් ගම් සහ සිදුවීම් මන:කල්පිතය.
කංඡායුධ ප්‍රථමයෙන් 2016 දෙසැම්බර් 13   වින්ඩෝස් පරිගණක සඳහා Digital downloads  ලෙස නිකුත් වෙන අතර, ඉන් පසු වීඩීඩී හරහාද නිකුත් වන අතර, ඉදිරියේදී මැක් ඕඑස්, ප්ලේස්ටෙශන් 4 සහ එක්ස් බොක්ස් වන් සඳහා නිකුත් කිරීමට නියමිතය. ඊට අමතරව, ස්මාර්ට් ෆෝන් සඳහා (ඇන්ඩ්‍රොයිඩ්, අයි ඕඑස් සහ වින්ඩෝස්) ද, වර්චුවල් රියැලිටි (HTC vive, Oculus Rift and OSVR) සඳහාද මේ හා සමගාමී පරිගණක ක්‍රීඩා නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

කංඡායුධ ගැන අලුත්ම විස්තර ගැන දැනගන්න Arimac Lanka Facebook  පිටුවට එකතු වෙන්න.

www.facebook.com/Kanchayudha

Minimum System Requirements

  • Operating system: Windows 7 SP1, Windows 8/8.1/10 (64bit versions only)
  • Processor: Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz
  • Memory: 4GB
  • Video card: NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)
  • Direct X: Version 11
  • Hard Drive: 12 GB available space

Recommended System Requirements

  • Operating system: Windows 7 SP1, Windows 8/8.1/10 (64bit versions only)
  • Processor: Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-8350 @ 4.0 GHz or better
  • Memory: 8GB
  • Video card: NVIDIA GeForce GTX 680 or AMD Radeon R9 290X or better (2GB VRAM)
  • Direct X: Version 11
  • Hard Drive: 12 GB available space
  • Sound Card: DirectX 9.0c compatible sound card with latest drivers
Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...