Home Tech News Phones තුන්වන පරම්පරාවේ iPhone SE දුරකථන පෙල 2022 එලිදැක්වෙන ලකුණු
PhonesTech News

තුන්වන පරම්පරාවේ iPhone SE දුරකථන පෙල 2022 එලිදැක්වෙන ලකුණු

Share
blank
Share

තාක්ෂණික ලෝකයේ පැතිරෙන කටකතා වලට අනුව තුන්වන පරම්පරාවේ iPhone SE දුරකථනය 2022 මුල් භාගයේ නිකුත් වෙන්න නියමිතයි. විශ්ලේෂකයින් ප්‍රකාශ කරන විදිහට මෙතෙක් Apple විසින් නිකුත් කරපු මිල අඩුම 5G දුරකථන‍ය මේ තුන්වන පරම්පරාවේ iPhone SE වේවී.

මේ දුරකථනයේ design එක ගැන කතා කරොත් බොහෝ දෙනෙක් කියන්නෙ මේ iPhone SE 3 වලටත් මේ වෙනකොට නිකුත් කරල තියන iPhone SE 2 වල design එකම තියේවී කියලයි. ඒ කියන්නෙ කලින් තිබුන අඟල් 4.7ක LCD තිරයත් එක්ක iPhone 8 වල වගේ design එකක් දකින්න පුලුවන් වේවී. මේකෙන් තේරෙන්නෙ ඊලඟ iPhone SE එකේ ලොකු design එකේ වෙනස්වීම් දැකගන්න ලැබෙන්නෙ නැතිවෙයි කියන එකයි. පරණ SE එකේ තිබුන Home button එක මත touch id එක අලුත් SE එකෙත් දැකගන්න පුලුවන් වේවී. සමහරවිට iPhone 13 පෙලෙහි දැකගන්න පුලුවන් උන පාට කිහිපයකින් අලුත් iPhone SE එකත් නිකුත් කරන්න ඉඩ තියනවා. iPhone X වල හඳුන්වලා දුන්න hole-punch design එක 2023 iPhone SE දුරකථනයට හඳුන්වලා දෙන්න සූදානමක් තියෙනව කියල සමහර තැන් වල සඳහන් වෙනවා.

දැන් තියන iPhone SE 2 බලගැන්වෙන්නෙ A13 Bionic chip එකකින්. ඊලඟ iPhone SE දුරකථනයේ බොහෝවිට iPhone 13 දුරකථන පෙල බලගැන්වෙන අලුත්ම A15 Bionic chip එකක් ඇතුලත් වේවී. iPhone SE දුරකථනයක් අලුතෙන් හඳුන්වාදුන්න හැම අවස්ථාවකම ඒකට ඒ වෙනකොට තියෙන අලුත්ම chip එක ඇතුලත් කරල තිබුනා. ඉතින් 2022 දිත් ඒක ඒ විදිහටම සිදු වේවී කියල අපිට හිතන්න පුලුවන්.

iPhone SE 3 වල storage options ගැනනම් ලොකු විස්තරයක් සඳහන් වෙන්නෙ නෑ. iPhone SE 2 වල තියෙන්නෙ 64GB සහ 128GB විදිහට තේරීම් දෙකක්. iPhone 13 දුරකථන පෙල ආරම්භ වෙන්නෙ 128GB option එකෙන් නිසා අලුත් iPhone SE 3 වලටත් ඒ දේම සමහරවිට කරන්න පුලුවන්.

iPhone SE 3 වල කැමරාව කොහොම වෙයිද කියලත් ලොකු විස්තරයක් අන්තර්ජාලයේ හොයාගන්න නෑ. ඒ වුනත් iPhone 8 එකේම design එක මේ දුරකථනයටත් තිබුනොත් බොහෝවිට එක main sensor එකක් මේ දුරකථනයටත් තියේවී. කලින් අවුරුදු වල කරපු ක්‍රමය හැටියටනම් මේ තුන්වන iPhone SE වලට තියෙන්න ඕන iPhone 12 වලට සමාන කැමරාවක්. iPhone SE 2 වල තියෙන්නෙ megapixel 7ක ඉදිරිපස කැමරාවක්, නමුත් අලුත් model එකේ ඒක megapixel 12 කට වගේ වැඩි කරොත් ඒක හොඳ දෙයක්.

මේ අලුත් model එක ගැන තියන කටකතා වල තියෙන පොදු දෙයක් තමයි ඒවායේ අනිවාර්‍යයෙන් 5G පහසුකම සමන්විත වෙන බව. මේ iPhone SE 3 නිකුත් වෙනව කියල සඳහන් වෙන්නෙ ලබන අවුරුද්දෙ මුල් කාරුතුවේ. ඒ කියන්නෙ 2022 මාර්තු වගේ Apple Event එකක් තුලින් මේ අලුත් iPhone SE දුරකථන පෙල දැකගන්න හැකිවේවී.

iPhone SE 3 වල මිල ගැනනම් හරි තොරතුරක් තවම නෑ. මිල අඩුම iPhone එක නිසා මේකෙත් මිල $399 න් ආරම්භ වේවී කියල හිතන්න පුලුවන්. storage එක දෙගුණයක් වෙලා 5G පහසුකමත් මේ මිලට එනව කියන්නෙ ඒක හොඳ වාසියක්.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...