Home Tech News Internet Storage ධාරිතාව වැඩි කරන්න ලෑස්ති වෙන Google Workspace
InternetTech NewsUpdates

Storage ධාරිතාව වැඩි කරන්න ලෑස්ති වෙන Google Workspace

Share
blank
Share

Google workspace එකෙ individual plan බාවිතා කරන පරිශීලකයන්ට Google සමාගමෙන් ඉතාමත් වැදගත් update එකක් ලබාදීමට සූදානම් වෙනව. මෙම individual plan එක බාවිතා කරන ව්‍යවසායකයින් වැනි බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් වුනෙ Google workspace එකෙන් ලබාදුන්න 15GB ධාරිතාව තමන්ගෙ සියලු දත්ත ගබඩා කරන්න මදි වීම. ඒත් මේ අලුත් update එකෙන් ඒ 15GB ධාරිතාව 1TB දක්වා වැඩිකර තිබෙනව විතරක් නෙවෙ ඒ සදහා අමතර මුදලක් වැයවන්නේත් නැහැ. මින් ඉදිරියට workspace පරිශීලකයන්ට Gmail සදහා හෝ Drive සදහා වැයවන ඉඩ පිලිබදව කරදර වෙන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.

තවමත් free Gmail account එකක් සමග ලැබෙන storage ප්‍රමානයම පමනයි individual plan එකක් බාවිතා කරන පරිශීලකයන්ටත් ලැබෙන්නෙ. ඒත් මෙම update එකෙන් පසුව එම individual plan සහිත පරිශීලකයන්ගේ ගිනුම් automatically 1TB storage එකක් සහිත ගිනුමක් බවට update වෙනව.

මීට අමතරව Google Drive සමග malware, spam, සහ ransomware මගින් ආරක්ශා වියහැකි ආරක්ශක ක්‍රමයක්ද අඩංගු වෙනව.

Google සමාගම මෙම නව individual plan එක අලුතෙන් රටවල් කිහිපයකට හදුන්වා දෙන්න සූදානම් වෙනව. ඒ පිලිපීනය, වියට්නාමය, ග්‍රීසිය, තායිලන්තය හා පෘතුගාලය වැනි රටවල් කිහිපයකට.

මෙම update එකත් සමග workspace individual plan එක තුලින් Premium meet, eSignature ඇතුලත් Google docs, appointment scheduling සහ Gmail වල flexible layout බාවිතා කිරීමට හැකිවීම ආදිය ලැබෙන බව වාර්තා වෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...