Home Tech News Internet Traffic Signals පෙන්වන Google Maps
InternetsoftwareTech News

Traffic Signals පෙන්වන Google Maps

Share
blank
Share

Google Maps කියන්නෙ අපිට බොහෝ පහසුකම් ලබාදෙන ප්‍රයෝජනවත් සේවාවක්, කොතරම් පහසුකම් තිබුනත් මේ සේවාවට තවත් ප්‍රයෝජනවත් පහසුකම් රාශියක් එක් කිරීමට හැකියාව තියනවා. ඉතින් එහෙම එකතු කරන්න සූදානම් වෙන පහසුකම් දෙකක් තමයි ආලෝක සංඥා සහ නැවතුම් සලකුණු පිලිබඳ තොරතුරු.

blank
a city crossing with a semaphore, red light in semaphore, traffic control and regulation concept

2020 වසරෙ ඉඳල සමහර ප්‍රදේශ වල තිබෙන ආලෝක සංඥා Google Maps මත දකින්න හැකියාව තිබුනා, නමුත් සෑම ප්‍රදේශයකම ඒ තොරතුරු දකින්න ලැබුනේ නෑ, ඒ වගේම navigation පහසුකම පාවිච්චි කරද්දිත් මේ ආලෝක සංඥා තොරතුරු දකින්න ලැබුනේ නෑ. නමුත් ඉදිරියේදී ආලෝක සංඥා සහ නැවතුම් සලකුණු තොරතුරු navigate කරද්දිත් යන පාරේ දකින්න හැකියාව ලැබේවී. මේ නිසා තමන් යන ගමන කොහොම වේවිද කියන එක ගැන හොඳ අදහසක් ගන්නත්, කලින් සැලසුම් කරන්නත් පහසුවක් ලැබෙනවා. Google ආයතනය ප්‍රකාශ කරල තියනව ගොඩනැගිලි වල සීමාවන් වගේ සාමාන්‍ය map view එකේදි දකින්න ලැබෙන ගොඩක් තොරතුරු navigate කරද්දිත් පෙන්වන්න තමන් කටයුතු කරන් යනව කියලා.

සාමාන්‍ය map view එකේදි ප්‍රදේශය පිලිබඳ විස්තර ගොඩක් දර්ශනය වුනත් navigation mode එකේදි පෙන්වන්නෙ අපට අවශ්‍යම තොරතුරු විතරයි, ඒක බාධාවකින් තොරව යන පාර හඳුනාගන්නත් උදව්ව්වක්. මේ වෙනකොට අපි ගමන් කරන මාර්ගය මැද කිසිම තොරතුරක් පෙන්නුවෙ නැති උනත් ඉදිරියේදි ඉහළ මට්ටමේ Google Maps දත්ත සහිත නගර වලදි ගමන් කරන මාර්ගයේ හැඩය සහ පළල වගේ වැදගත් තොරතුරු පවා දැකගන්න හැකියාව ලැබේවී.

Google ආයතනය පවසන විදිහට මේ අලුත් update එක මේ වෙනකොට සමහර රටවල් වල Android, iOS, Android Auto, සහ CarPlay උපාංග වලට අදියර වශයෙන් නිකුත් වෙන ගමන් තියෙන්නේ.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...