Home Tech News Google Earth අලුත්ම “3D time-lapse” update එක.
Tech News

Google Earth අලුත්ම “3D time-lapse” update එක.

Share
blank
Share

Google Earth පසුගිය දිනක හඳුන්වල දුන්න අලුත්ම update එක තමා “3D time-lapse” කියන්නෙ. නමින්ම කියවෙන විදිහට users ලට ලෝකයේ කැමති තැනක් කාලයක් එක්ක වෙනස් උන විදිහ satellite images වලින් දකින්න හැකියාව මේ feature එකත් එක්ක ලැබෙනවා. අවුරුදු 37, ඒ කියන්නෙ 1984 ඉඳල 2021 වෙනකන් ලෝකය වෙනස් උන හැටි දැන් Google Earth වලින් දැකගන්න පුලුවන්. එහෙම playback වෙන අතරතුර බලන landscape එක 3D සහය දක්වනවනම් විවිධ කෝණ වලින් පවා මේ දර්ශන දැක ගැනීමට මේ පහසුකමෙන් හැකියාව ලැබෙනවා.

මේ project එකට Google ආයතනය, NASA ආයතනය, ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය, යුරෝපා සංගමය සහ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය යන පාර්ශව එකතු වෙලා තියනවා. මේ විදිහට satellite images ලබාගෙන තියෙන්නෙ NASA ආයතනයේ Landsat වැඩසටහනේ සහ යුරෝපා Copernicus ව්‍යාප්ෘතියේ ආධාරයෙන්. Google ආයතනය සඳහන් කරන්නෙ මේ time-lapses හදන්න පෙටා බයිට් 20ක අති විශාල ප්‍රමාණයක satellite images පාවිච්චි කරල තියෙනව වගේම ඒ images වලින් 4.4 terapixels වීඩියෝ එකක් සැකසූ බවයි.

Google Earth විසින් 2013 දිත් මේ වගේම 2D time-lapse පහසුකමක් හඳුන්වාදුන්නා. ඒ 1984-2012 වසරවල් අතර තුර සිද්දවුන වෙනස්වීම දකින්න. නමුත් මේ අලුත් feature එකේ ත්‍රිමාණ ආකාරයට time-lapses ලබාදෙන නිසා ලෝකයේ වෙනස්වීම වඩා විස්තරාත්මකව සහ තාත්විකව දකින්න users ලට හැකියාව ලැබෙනවා.

Google සඳහන් කරන්නේ මේ විදිහට ලෝකයේ වෙනස් වීම එකම තැනකින් බලා ගැනීමට හැකිවීමෙන් මිනිසා විසින් ලෝකය කෙතරම් වෙනස් කරලද සහ මිනිස් ක්‍රියාකාරකම් වලින් කෙතරම් බලපෑමක් ලෝකය කෙරේ එල්ල වෙලා තියනවද කියල හැම දෙනාටම දකින්න අවස්ථාව ලැබෙන බවයි. මේ time-lapse පහසුකම ඔයාලටත් දැන් මේ ලින්ක් එකෙන් ගිහින් අත් විඳින්න පුළුවන්.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...