Home Tech News After Effects වෙනුවට Pikimov
Tech News

After Effects වෙනුවට Pikimov

Share
blank
Share

අපි කවුරුත් දන්න Adobe සමාගමේ Software හැම එකකටම වගේ Alternatives තිබුනට VFX වලට පාවිච්චි කරන Aftereffects වලට තියෙන්නෙ සීමිත options ගණනක්. මේ අතරට Free විදිහට පාවිච්චි කරන්න දේවල් නැතිම තරම්.

මේ අඩුව පුරවන්න Photopea පාරෙ යමින් Online විදිහට After effects වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් App එකක් Pikimov කියන නමින් මේ වනවිට Alpha test එකක් විදිහට නිකුත් කරල තියෙනව.

Chrome Desktop Browser එකක් මත Operating System independent විදිහටයි මෙය නිර්මාණය කරල තියෙන්නෙ. ඒ කියන්නෙ Chrome Browser එක Run වෙන්නෙ Linux වලද Mac OS එකේද Windows මතද කියන එක මේ App එකට අදාල වෙන්නෙ නැහැ. ඒ වගේම සම්පූර්ණ App එකම වෙන්නෙ 5MB. ඔයා මේකට Add කරන කිසිම image එකක් Audio එකක් Online Upload වෙන්නෙ නැහැ.

මේ Tool එක Twitter ඔස්සෙ ප්‍රසිද්ධ කරපු pikilipita කියන Account එක හරහා දැනගන්න ලැබෙන විදිහට මේ tool එක මේ වනවටත් international recognition එකක් ලැබිල වගේම Install කරන්න පුළුවන් App එකක් විදිහටත් ලබාදෙන්න කියල ඉල්ලීම් කරල තියෙනවළු.

කොහොම වෙතත් තාමත් After effects එක්ක ගත්තම ඉතාමත් සුළු Options තියෙන මේ App එකත් ඉක්මනින්ම After Efeccts වලට Free Alternative එකක් විදිහට Develop උනොත් ඒක ගොඩක් දෙනෙකුට සෑහෙන පහසුවක් වේවි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...