Home Games ඉදිරියෙදි නිකුත් වෙන EA Sports FC 24 පරිගණක ක්‍රීඩාව
GamesTech NewsUpdates

ඉදිරියෙදි නිකුත් වෙන EA Sports FC 24 පරිගණක ක්‍රීඩාව

Share
blank
Share

EA සමාගම මගින් නිකුත් කරන පරිගණක ක්‍රීඩා සීරීස් අතරින් FIFA යනු ඉතාමත් ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක්. මෙහි පලමු ක්‍රීඩාව නිකුත් කරනු ලැබුවේ 1993 වසරෙදි. එදා සිට අද දක්වා තාක්ශනය අතින් සහ ග්‍රැෆික් අතින් දියුනු වෙමින් මෙම ක්‍රීඩාව ඉදිරියට පැමිනියා.

නවතම නිවේදනයක් නිකුත් කරමින් EA සමාගම පවසා තිබුනෙ 2024 වසරට නිකුත් කරන ෆුට්බෝල් පරිගණක ක්‍රීඩාව EA Sports FC 24 ලෙස නම් කරන බවයි. මීටපෙර එනම් 2023 දි පැමිනි පරිගණක ක්‍රීඩාව දක්වා සියල්ලක්ම නම් කරනු ලැබුවේ FIFA ලෙසයි. නමුත් 2023 වසරෙදි FIFA සම්මේලනය සමග තිබුනු ගිවිසුම අවසන් වීම නිසා ඔවුන් අලුතෙන් නිකුත් කරන පරිගණක ක්‍රීඩාවේ නම වෙනස් කර තිබෙනව.

මෙම නවතම EA Sports FC 24 ක්‍රීඩාව PS5, PS4, Xbox Series X/S, Xbox One, Nintendo Switch සහ PC සදහා සැප්තැම්බර් 29 වනදින නිකුත් වන බව එම සමාගම නිවේදනය කර තිබෙනව. මෙය බොහෝවිට $70ක මුදලකට විකුනනු ඇතැයි වාර්තා වෙනව.

මෙහි තිබෙන $100 Ultimate Edition මිලදී ගත්විට 4,600 FC points ලබාගැනීමේ හැකියාව තිබෙනව. ඒවගේම මෙම ක්‍රීඩාවේ පලමු වතාවට කාන්තා ෆුට්බෝල් කන්ඩායම්ද ඇතුලත් කර තිබෙනව.

මෙයට 19,000කට වැඩි ක්‍රීඩකයන් පිරිසකගේ දත්ත, 30කට වැඩි leagues සහ stadiums 100 ඇතුලත් කර තිබෙනව. ඒවගේම EA සමාගම ෆුට්බෝල් ක්‍රීඩාවේ ප්‍රධාන league දෙකක් වන English Premier League සහ UEFA Champions League සමග ඇති ගිවිසුම් තවදුරටත් අලුත් කරගෙන තිබෙනව.

මෙයට නවතම HyperMotionV වැනි තාක්ශනයන් යොදාගෙන තිබෙන අතර ග්‍රැෆික් වැඩි දියුනු කිරීමක්ද සිදුකර තිබෙන බව EA සමාගම පවසා තිබෙනව. ඒවගේම තවත් නව විශේෂාංග කිහිපයක් වගේම Crossplay කිරීමේ හැකියාවත් මෙහි තිබෙන බව වාර්තා වෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...