Home Tech News Desktop වගේ upgrade කරන්න පුලුවන් Nexdock laptop එක
Tech News

Desktop වගේ upgrade කරන්න පුලුවන් Nexdock laptop එක

Share
blank
Share

Laptop එකක් කාලයක් යද්දි පරණ වෙනව. RAM එක upgrade කරනව ඇරෙන්න අවුරුදු කිහිපයකට පස්සෙ අලුත් OS, software use කරන්න නම් අලුත් laptop එකක් ගන්නම වෙනව. මේ ගැටලුවට පිලිතුර තමයි Nexdockකියන්නෙ. CES 2017 event එකේදී මීට සති කිහිපයකට කලින් intel සමාගම credit card size package එකක් ඇතුලෙ CPU, GPU, RAM, Wifi, Bluetooth අඩංගු සම්පූර්ණ computer එකක් වෙන intel compute card හදුන්වා දුන්න. (ලිපිය මෙතැනින් කියවන්න)

Intel compute card එකේ අරමුණ උනේ ලේසියෙන් upgrade කරන්න පුලුවන් smart devices range එකක් නිපදවන්නයි. ඒ ඔස්සේ යමින් nexdockසමාගම intel compute card එක පාවිච්චි කරන පලවෙනි smart device එක ගැන නිවේදනය කරලත් ඉවරයි.

Nexdock කියන්නෙ 2 in 1 laptop එකක්. Intel compute card module එකකින් පණගැන්වෙන Nexdock Laptop එක slots 2ක් තියෙන touch screen එකක්. එක slot එකකට compute card එකත් අනෙක් slot එකට තමන්ගෙ අවශයතාවය අනුව input output modules හරි එහෙමත් නැත්නම් extra battery එකක් වගේ දෙයක් swap කරන්න පුලුවන්. මෙහෙයුම් පද්ධතිය සහ සම්පූර්ණ computer එකම තියෙන්නෙ compute card එකේ නිසා මේ Nexdock device එක කාලයෙන් කාලයට අලුත් කරන්න අවශ්ය නැහැ. compute card එක නවතම software පාවිච්චි කරන්න බැරි තරමට obsolete උනාම අලුත් compute card එකක් මාරු කරන්නයි තියෙන්නෙ.

ඒ වගේම Windows mobile continuum, Ubuntu mobile වගේ full desktop experience එකක් ලබාදෙන devices USB- C port එක හරහා මේ Nexdock එකට සම්බන්ධ කරන්න පුලුවන්. 2017 මැදදි නිකුත් කරන්න අදහස් කරන intel compute card එක මත පදනම්ව සැලසුම් කරල nexdock එක තාමත් තියෙන්නෙ මූලික අවදියෙයි, කොහොම උනත් මේ අදහස අනාගතයේ computer hardware පාවිච්චි වෙන විදිහ වෙනස් කරාවි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...