Home Games ONWARD – VR ගේම් එක
Games

ONWARD – VR ගේම් එක

Share
blank
Share

Virtual Reality කියන්නෙ මීට වසර කිහිපයකට කලින් concept එකක් විදිහට ඉදිරිපත් වෙලා දැන් ජනප්‍රිය වෙමින් පවතින computer gaming platform එකක්. Computer gaming වලට එන්න සෑහෙන කාලෙකට කලින් ඉදන් මේ technology එක NASA ආයතනය තමන්ගෙ අභ්‍යවකාශගාමීන් පුහුණු කරන්න පාවිච්චි කරා.

මේ platform එකට games කිහිපයක් නිර්මාණය උනත් ඒවා බොහෝවිට golf simulators, hill climbing, theme park tours, roller coaster rides වගේ දේවල්, නමුත් අපි හැමදෙනාම ආදරේ කරන Call of Duty වගේ game එකක් තමයි තාමත් beta අවධියෙ තියෙන ONWARD VR කියන්නෙ.
තාමත් අවසන් වෙලා නැති උනත් මේ game එක steam හරහා මිලදී ගන්න පුලුවන්. මේ ගේම් එකේ විශේෂත්වය වෙන්නෙ මෙතෙක් කල් එක තැන වාඩිවෙලා play කරපු computer games ඉන් එහා මානයකට ගෙනයන්න මීට හැකි වීමයි. Crouch කරන්න ඕන නම් ඇත්තටම දණගහන්න වෙනව, reload කරන්න නම් ඇත්තටම Magazine එක ගලවල නැවත දාන්න වෙනව. අපට පුරුදු shortcut keys වෙනුවට ඇත්ත ලෝකයෙදි වගේ හැම Action එකක්ම කරන්න වීම වෙනස්ම අත්දැකීමක් වෙනව. පහත වීඩියො එකෙන් මේ ගේම් එකේ multiplayer session එකක් පෙන්වනව.

https://www.youtube.com/watch?v=xkbpFp1Yr-0

දැනට මේ තාක්ෂණය පාවිච්චි කරන්න අවශය කරන උපකරණ වන powerful PC එකක් සහ VR Head set එකක් ටිකක් මිල අධික වුනත් මීලග වසර කිහිපයෙදි මේ අලුත් තාක්ෂණය හැමදෙනාටම ගන්න පුලුවන් තරමට මිල අඩුවේවි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...