Home Reviews Asus Cerberus Fortus Gaming Mouse Review
Reviews

Asus Cerberus Fortus Gaming Mouse Review

Share
Share

ඕනම Stress level එකක් දරාගෙන දිගු කාලයක් Hard Gaming කරන්න, Buttons 6ක් තියෙන, වමත් දකුණත් දෙකෙන්ම Use කරන්න නිපදවල තියෙන Asus Cerberus Fortus Gaming Mouse Review එක.

Package එකේ අඩංගු වෙන දේවල්

  • Cerberus Fortus Gaming Mouse එක
  • Quick Start Guide එක
  • VIP Member Warranty Notice Booklet එක

Unboxing Video එක බලන්න

Features

Cerberus Fortus Gaming Mouse එක Hard core gamers ලට අවශ්‍යම වෙන Features ඉතාමත් හොදින් Implement කරල තියෙන Gaming Mouse එකක්. මේකෙ විශේෂාංග අතරට එකතු වෙන දේවල් තමයි

Braided Cable

Mouse එකේ 1.8M දිග Braided Cable එක නිසා Mouse Cable එක හදිසියේ සිදුවෙන්න පුළුවන් ඇදීම් වගේ දේවල් වලදි හානි වෙන්න තිබෙන හැකියාව සෑහෙන අඩුයි. මේ නිසා හොද Shielding එකක් ලැබෙනව වගේම අඩංගු කරල තියෙන Ferrite පබළු නිසා Cable එක හරහා යන Signal වලට Electromagnetic Interference සිදුවෙන එක අවම වෙනව. මේ තුලින් හොද Gaming Experience එකක් ගන්න පුළුවන්. ඒ වගේම Mouse එක වේගවත් Movements වලට පාවිච්චි කරනවනම් එතනදි ඝර්ෂණය අවම වෙනව.

Premium Omron Switches

Mouse එකේ සෑම Switch එකකටම යොදගෙන තිබෙන්නෙ ලෝකයේ හොදම Switches නිෂ්පාදන අතරට ගැනෙන Omron Switches. මේ හරහා Mouse එක දීර්ග කාලයක් පාවිච්චි කරන්න හැකියාව ලැබෙනව. ඒ වගේම මේ Omron Switches Clicks මිලියන 50ක් පමණ දරාගන්න සමත් වෙනව කියල සදහන් වෙනව.

DPI Switch / RGB LED Lighting Notification

Cerberus Fortus Gaming Mouse එකේ Sensing Resolution එක 500 DPI සිට  4000 DPI දක්වා (DPI – Dots per Inch) ක්ෂණිකව වෙනස් කරගන්න පුළුවන්. මේ වෙනස් කිරීමත් එක්ක Cerberus Logo එකේ වර්ණය වෙනස් වෙලා ඒ ගැන දන්වන නිසා Gaming කරන ගමන්ම DPI වෙනස් කරගන්න පුවවන්.

Magnesium Alloy Base

මේ Gaming Mouse එක අනෙක් Gaming Mouse වලින් වෙනස් වෙන ප්‍රධානම Feature එක තමයි Mouse එකේ යටින් තියෙන Magnesium Alloy Base එක. මේ හරහා Mouse එකට බරක් එකතු වෙනව වගේම එය සමානව බෙදිල යන නිසා Mouse එකෙන් Gaming කරද්දි වැඩි Control එකක් ගන්න පුළුවන්.

මේ Features එක්ක වෙනස් කරන්න පුළුවන් Lighting Modes සහ Buttons 6ක් තියෙන Fortus Gaming Mouse එක Asus Brand එකට කැමති අයට Gaming වලට මිලදී ගන්න පුළුවන් හොද නිෂ්පාදනයක්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

Business වැඩට High Security – Tough Design එකක් එක්ක asus P5

Gaming වලින් Business වැඩ වෙනස් වෙන්නෙ අතිශය සංවේදී business details ආරක්ෂිතව තියාගන්න...

Professional වැඩවලට Asus ProArt Displays

Real world Colors ඒ වගේම පෙන්වන්න පුළුවන් ΔE<2අගයක් තියෙන Asus ProArt series...

MSI Pro Series MP223 Monitor Review

MSI Pro Series එකේ අගල් 22 Monitor එක දැන් ලංකාව පුරාම Computer...