Home Tech News Phones Apple Dynamic Island පහසුකම Android දුරකථන වලටත් ලබාදෙන Dynamic Spot
PhonessoftwareTech NewsUpdates

Apple Dynamic Island පහසුකම Android දුරකථන වලටත් ලබාදෙන Dynamic Spot

Share
blank
Share

අලුතින් හඳුන්වා දුන්න iPhone 14 Pro සහ iPhone 14 Pro Max දුරකථන පෙල තුල hardware revamp එකකට අමතරව අලුත් software පහසුකම් කිහිපයකුත් ලබාදෙනවා. මේ දුරකථන පෙල හඳුන්වා දුන්න දවසෙ ඉඳන් මේ වෙනකන්ම Dynamic Island වෙතට ප්‍රශංසා වගේම විවේචනද ලැබෙමින් පවතිනවා. කොහොම උනත් software එකකින් ලබාදෙන මේ පහසුකම ඉක්මනටම Android දුරකථන වලටත් ලබා ගන්න පුලුවන් ක්‍රම කෙමෙන් කෙමෙන් කරලියට එන ගමන් තියෙන්නෙ. Jawomo නමැති සංවර්ධකයාගේ dynamicSpot app එකට ස්තූති වන්නට මේ වෙනකොට iPhones වල Dynamic Island වලට බොහෝදුරට සමාන අත්දැකීමක් Android දුරකථන පාවිච්චි කරන පිරිස් වලටත් ලබාගන්න පුලුවන්.

දැනට Beta සංස්කරණයක් ලෙස පවතින මේ app එකෙන් Dynamic Island වල තියෙන හොඳම පහසුකම් කිහිපයක් අනුකරණය කරල තියෙනව වගේම ඒ තුල දකින්න නොලැබෙන customization කිහිපයකුත් හඳුන්වලා දීලා තියනවා. dynamicSpot භාවිතයෙන් මොන ආකාරයේ notifications තිරයේ පෙන්වන්න ඕනද කියන එක සකසන්න පුලුවන්. ඒ වගේම dynamicSpot එකේ හැඩය, පිහිටීම, ප්‍රමාණය වගේම අකුරුවල ප්‍රමාණය පවා වෙනස් කරන්න මෙහිදී හැකියාව තියනවා. notifications දෙකක් එකවිට popups දෙකකින් පෙන්වන්නත් මේ පහසුකමට පුලුවන්.

මේ app එකෙන් ලබාගන්න පුලුවන් උපරිම සේවාව ලබාගන්නනම් රුපියල් 375 ත් 925 ත් අතර ගාණක් ගෙවල paid version එක ලබාගන්න සිදු වෙනවා. මේ paid version එකෙන් dynamicSpot එක lock screen එකේ පෙන්වන්න සහ single tap සහ long press actions වලට ප්‍රවේශය ලබාදෙනවා. මේ වෙනකොට මේ app එක තියෙන්නෙ beta සංස්කරණයේ නිසා මේක පාවිච්චි කරද්දි ගැටලු ඇති වෙන්න පුලුවන්. සංවර්ධකයා ප්‍රකාශ කරන විදිහට app එකේ animations වල smooth ගතිය වගේම එක් එක් දුරකථන මාදිලි සහ වෙනත් apps සමග compatible වීමේදිත් සමහර වෙලාවට ගැටලු ඇති වෙන්න පුලුවන්. නමුත් app එකේ මූලික දේවල් වෙන dynamicSpot එකේ notifications දිස් වීම, hold කරගෙන සිටිමේදී preview එකක් පෙන්වීම වගේ දේවල් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන ස්වරූපයක් තමයි පෙනෙන්නේ. ඉතින් ඔයාලත් කැමතිනම් dynamicSpot එකේ beta සංස්කරණය තමන්ගෙ smartphone එකට install කරල test කරල බලන්න පුලුවන්. ඒ වගේම මොකක් හරි ගැටලුවක් දැක්කොත් ඒක සංවර්ධකයාට feedback එකක් ලෙස යවන්නත් අමතක කරන්න එපා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...