Home Tech News OS ඇන්ඩ්‍රොයිඩ් අලුත් වෙළද ලකුනක් ඉදිරිපත් කරයි
OSTech News

ඇන්ඩ්‍රොයිඩ් අලුත් වෙළද ලකුනක් ඉදිරිපත් කරයි

Share
blank
Share

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙ වෙළෙඳ ලකුණ නවීකරණය කරන බව පසුගිය සැප්තැම්බර් 05 වැනිදා ගූගල් සමාගම විසින් නිවේදනය කරා. ඉන් පෙන්වා දී තිබෙන්නේ, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට නවාංග එක් කරන ගමන්ම එහි පෙනුමද වෙනස් කිරීම දිගින් දිගටම පවත්වා ගෙන ආ ප්‍රතිපත්තියක් බවයි.

මෙයට කලින් එවැන්නක් කළේ වසර 2019දී. කලින් තිබූ ඇන්ඩ්‍රොයිඩ් ලාංඡනය මෙන්ම, අකුරු රටාවද වෙනස් කළ එම නවීකරණයේදී, එතෙක් කලක් පවත්වා ගෙන ආ, විවිධ රසකැවිලිවල නම්වලින් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ නම් කිරීමේ පුරුද්ද අයින් කරා. ඒ වෙනුවට සංස්කරණයේ නමින්ම එය හැඳින්නුව. ඇන්ඩ්‍රොයිඩ් 10 යනු එහි පළමු සංස්කරණයයි.

අලුත් ඇන්ඩ්‍රොයිඩ් ලාංඡනයේ අකුරු රටාව වෙනස් කර තිබෙනව. එය ගූගල් සමාගමේ ලාංඡනයේ අකුරින්ම ලියා තියනව. කලින් සිම්පල් ඉංග්‍රීසි අකුරින් ලියූ වචනය, කැපිටල් A අකුරින් පටන් ගෙනතිබෙනව. ඇන්ඩ්‍රොයිඩ් ලාංඡනයෙන් පෙන්වන රූපය හෙවත් මැස්කොට් රූපය යනු රොබෝවෙක්. මෙම රොබෝ රූපය සම්පූර්ණයෙන්ම පෙන්වීම 2019 වෙන තෙක්ම කළත්, 2019 නවීකරණයේදී එහි ඉහළ කොටස පමණක් පෙන්නුව. ද්විමාන රූපයක්වූ මෙය දැන් ත්‍රිමාන පෙනුමින් හැඩ ගන්වා තිබෙනව. එපමණක් නොව, රොබෝ රූපයේ ඇස, කළු පැහැයෙන් මෙන්ම ත්‍රිමාන පෙනුමින් දක්වා තියනව. කලින් තිබූ ලා කොළ පැහැති මැස්කොට් රූපයට විවිධ වර්ණ රටා වුවත් එක් කර එය හැඩ ගන්වා භාවිතා කරන්නට පුළුවන්.

මෙ අලුත් ලාංඡනය සමඟ එන්නට තිබෙන අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය, ඇන්ඩ්‍රොයිඩ් 14. දැන් තිබෙන ඇන්ඩ්‍රොයිඩ් 13 සංස්කරණයේ විශේෂාංගවලට අමතර වශයෙන් අලුත් විශේෂාංග සිය ගණනක් එක් කර ඇන්ඩ්‍රොයිඩ් 14 සංස්කරණය සකසා තියනව. ඒවා අතරින් කැපී පෙනෙන කීපයක් ‍තමයි ලොස්ක්‍රීන් එක තමන්ට අවශ්‍ය සේ සකසා ගන්නට ඉඩදී තිබීම. එමෙන්ම තමන් කැමති ඡායාරූප ඇසුරෙන් වෝල් පේපර්ස් තනා ගත හැකි කෘත්‍රිම බුද්ධි යෙඳුම් තිබෙනව.

ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට සැටලයිට් සන්නිවේදන සම්බන්ධතා ලබා ගැනීමේ පහසුකමද ඇන්ඩ්‍රොයිඩ් 14 සංස්කරණයෙන් ලබාදී තිබෙනව. එසේම යම් ඇප් එකක් විවෘත කර වැඩ කරන ගමන්ම ඉන් ඉවත් නොවී, එය හැකිළී කුඩා වෙමින්, ඊට කලින් භාවිතා කළ ඇප් වින්ඩෝ එක හෝ ලොක් ස්ක්‍රීන් එක දැක ගන්නට පුළුවන්. එකවුන්ට් දෙකක් එකවර භාවිතා කරමින් ඒ ඔස්සේ ඇප් දෙකක් එකවර ක්‍රියාත්මක කරවීමේ පහසුකමද අලුත් විශේෂාංගයක්.

ගූගල් සමාගම වසරක් පාසා අලුත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ නිකුත් කරන්නේ නිශ්චිත කාල සටහනකට අනුවයි. ඒ අනුව පෙබරවාරි සහ මාර්තු මාස වලදී මෘදුකාංග සංවර්ධනය කරන්නන් වෙනුවෙන් ඩිවලොපර් ප්‍රිවීව් සංස්කරණ දෙකක් නිකුත් කරනව. ඉන්පසුව පොදු මහජනයා වෙනුවෙන් බීටා සංස්කරණ දෙකක්, අප්‍රේල් සහ මැයි මාසවල නිකුත් කරනු ලබනව. මෙසේ ඇන්ඩ්‍රොයිඩ් 14හි පළමු බීටා සංස්කරණය ඉදිරිපත් කළේ, 2023 අප්‍රේල් මස 12 වැනිදායි. දෙවැනි බීටා සංස්කරණය පසුගිය මැයි 10 වැනිදා නිකුත් කලා. මෙම සංස්කරණවලදී හඳුනා ගන්නා අඩුපාඩු සම්පූර්ණ කරමින් අවසත් ස්ථාවර සංස්කරණය නිකුත් කරනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...