දැන් ගන්න තියෙන හැම LED TV එකක්ම smart TV එකක් නෙමෙයි. Smart TV එකක තියෙන Web browsing, Games, Streaming වගේ පහසුකම් වලට සාමාන්‍ය මිලට වඩා වැඩි මිලක් ගෙවන්න වෙනව. හැබැයි ඕනම TV එකක් ඉතාම අඩු මුදලකට smart TV එකක් කරන්න පුලුවන් Android TV Box එකක් තමයි මේ.
Alfawise A95X R1 කියන්නෙ හුරුබුහුටි නිමාවකින් එන Android OS එක පාවිච්චි කරල නිපදවල තියෙන TV BOX එකක්. මේක මිලදී ගන්න අවශ්‍යනම් පහත ලින්ක් එකෙන් Gearbest.com එකට යන්න.
Alfawise TV BOX මිලදී ගන්න මෙතන click කරන්න
Package එකේ එන දේවල්
- Alfawise A95X R1 TV Box
- HDMI Cable
- Power Cord
- Remote Control
- Manual
මේ මූලික දේවල් ටික විතරයි package එකේ එන්නෙ. මේක Setup කරගන්න manual එකක් අවශ්‍ය නැහැ. TV Box එක HDMI cable එක හරහා TV එකට connect කරගෙන Keyboard Mouse USB drive, SD cards වගේ දේවල් Connect කරගන්න පුලුවන්.
Alfawise A95X R1 TV Box එකේ Specifications
- System: Android 6.0
- CPU: RK3229 – 1.5GHz,Quad Core
- GPU: Mali-400 MP
- RAM: 1G DDR3
- ROM: 8G – Max. Extended Capacity: 32G
- Sound: 5.1 Surround Sound Output
- HDMI Version: 2.0
- Output : upto 4K
- Power Input Vol: 12V,5V
- Wifi – Yes 2.4 Ghz
මේ Spec එකත් එක්ක TV box එක හරහා Youtube, Netflix වගේ Streaming වගේම සාමාන්‍ය Android Games ගහන්නත් පුලුවන්. Internal ROM එක 8GB නිසා වැඩිපුර Apps, Games පාවිච්චි කරනවනම් SD card slot එක හරහා 32GB දක්වා storage එක වැඩි කරගන්න පුලුවන්.
Connectivity
Alfawise A95X-R1 unit එකේ Connectivity විදිහට SD card slot එකක් සහ USB port 2ක් තියෙනව. USB drives, Keyboard Mouse වගේ දේවල් මේ හරහා connect කරගන්න පුලුවන්.
unit එක පිටිපස්සෙ Power connector එක HDMI 2.0 port එක AV සහ SPDIF out එකක් සහ RJ45 LAN port එකක් තියෙනව. ඒ වගේම built in 2.4 Ghz Wifi connection එකකුත් තියෙනව.
Experience
TV box එක ඕනම HDMI connection එකක් තියෙන TV එකකට Computer display එකකට connect කරන්න පුලුවන්. 4K resolution එකක් දක්වා support කරනව කියල package එකේ සදහන් කරල තිබුනට මේක 4K දක්වා check කරන්න අවශ්‍ය hardware නැති නිසා 1080p Resolution එක දක්වා හොදින් වැඩ කරනව කියල කියන්න පුලුවන්.
මුලින්ම on කරාම Setup එකක් එනව මූලික විස්තර අහල ඒ වගේම Wifi වලට සම්බන්ධ වෙන්න අවශය කරන දේවල් එක්ක. මේක ඕනම වෙලාවක settings වලින් හදාගන්නත් පුලුවන්.
TV එකේ modified Android interface එකක් තියෙනව home එක විදිහට. මේකෙ වෙනම TV store එකක් තියෙනව TV box එකට ගැලපෙන විදිහට හදපු Apps ටිකක් එක්ක. ඒ වගේම apk file එකක් හරහාත් apps install කරන්න පුලුවන්. Google play store එකටත් access තියෙන නිසා Android 6.0 support කරන ඕනම app එකක් install කරගන්න පුලුවන්.
Gaming
Alfawise A95X – R1 TV Box එකේ තියෙන mali 400 GPU එක සහ 1GB DDR3 RAM එකත් එක්ක දැනට playstore එකේ තියෙන මේ requirement වලින් play කරන්න පුලවන් Games හොදට play කරන්න පුලුවන්. Point & click games නම් keyboard / Mouse එක්ක play කරන්න පුලුවන්. ඒත් Phone එක හරවල (gyroscope play කරන්න තියෙන Games ගහන්න gamepad එකක් ගන්න වෙනව.
Alfawise TV BOX මිලදී ගන්න මෙතන click කරන්න
Comments (4)
Sandarusays:
March 27, 2019 at 12:16 amMeka monitor ekakata gahala tv ekak vidihata ganna puluwanda?
Pcguidesays:
April 9, 2019 at 9:23 pmTV එකක් කියන්නෙ Online (WiFi) හරහා Internet එකේ Youtube එකේ දේවල් බලන්න් පුලුවනි
Lasithsays:
May 13, 2020 at 1:42 pmMsi 1050ti card eken primier pro වලින්
4k videos edit karanna puluwanda?
Lilansays:
January 21, 2021 at 9:36 amමේක ps4 එකක් එක්ක use කරන්න පුලුවන්ද