Home Tech News Ai බලසම්පන්න කෘතිම බුද්ධි උපාංගය Rabbit r1
AigadgetsTech News

බලසම්පන්න කෘතිම බුද්ධි උපාංගය Rabbit r1

Share
blank
Share

පසුගිය 2024 ජනවාරි 09 වැනිදා ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී ඇරඹි ලොව විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය සේ සැලකෙන කන්සියුමර් ඉලෙක්ට්‍රොනික් ෂෝ ප්‍රදර්ශනයේදී, අපූරු තාක්ෂණික මෙවලමක් එළි දැක්වූවා. රැබිට් ආර් වන් (Rabbit R1) නම් එය කෘත්‍රිම බුද්ධියෙන් පණ ලබන අතේ ගෙන යා හැකි උපාංගයක්. ඇමෙරිකාවේ රෑබිට් ඉන්කෝපරේෂන් නම් සමාගමෙන් ඉදිරිපත් කළ එම උපාංගය, එදිනම විකිණීම ඇරඹීය. මුල් දිනයේදී එකක් ඩොලර් 199 ගණනේ උපාංග දස දහසක් ද, දෙවැනි දවසේ තවත් දස දහසක් ද වශයෙන් සියල්ල විකිණී ගියා. දැන් උපාංග ලබා ගත හැක්කේ පෙර ඇනවුම් පිටයි.

රැබිට් ආර් වන උපාංගය, කට හඬින් දෙන විධාන පිළිපදිමින් ඕනෑම සංකීර්ණ කටයුත්තක් ඉටු කර දෙනව. මෙය ස්මාට්ෆෝන් උපාංගයක් නොවේ. කට හඬින් දෙන විධාන පමණක් පිළිපදින ස්මාට් ස්පීකර් උපාංගයක්ද නොවේ. එම උපාංග වර්ග දෙකෙහිම ඇති ගුණාංග කැටි කර ගත් නවීන උපාංගයක්.

නවීන යන්ත්‍ර මිනිස් අතුරු මුහුණතක් (human – machine interface) ලෙස නිෂ්පාදකයා මෙය හඳුන්වනව. එනම් ස්මාට්ෆෝන් නැතිව ස්මාට්ෆෝන් ඇප්ස් ක්‍රියාත්මක කළ හැකි අපූරු උපාංගයක්.

ස්මාට්ෆෝන් එකකදී ඇප් ක්‍රියාත්මක කරවා කර ගන්නා වැඩ සියල්ලක්ම පාහේ ඊටත් වඩා වේගවත්ව සහ නිවැරදිව කර දෙන්නට රැබිට් ආර් වන් උපාංගයට පුළුවන්. එම හැකියාව ලැබී තිබෙන්නේ රැබිට් සමාගමේ පර්යේෂකයින් විසින් සොයා ගන්නා ලද අලුත් කෘත්‍රිම බුද්ධි ආකෘතියක් නිසාය. ලාජ් ඇක්ෂන් මොඩ්ල් හෙවත් ලැම් (LAM – large action model) නම් එම කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට අනුව, කට හඬින් දෙන විධාන ඉතා හොඳින් හඳුනා ගෙන එම වැඩ එවෙලෙම කළ හැකියි.

මෙම ලැම් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වෙන්නේ මෙහි ඇති රැබිට් ඕඑස් නම් මෙහෙයුම් පද්ධතියයි. මෙය මඟින්, රැබිට් ආර් වන් උපාංගයේදී විවිධ වැඩ කරනු පිණිස පුහුණු කරන ඒ අයි ඇල්ගොරිදම, රැබිට්ස් ලෙස හඳුන්වනව. යම් අයෙක් ඇප්ස් භාවිතා කරන රටාව මෙන්ම අන්තර්ජාලය ඔස්සේ විවිධ වෙබ් අඩවි වෙත පිවිස සේවා ලබා ගන්නා ආකාරය, මෙම රැබිට්ස් මඟින් අනුකරණය කරනව. අනතුරුව එය මතක තබා ගන්නව.

මෙම ‘ රැබිට්ස්වලට’ විවිධ වැඩ ගණනාවක් එකවර හැසිරවිය හැකියි. එය සාමාන්‍ය අන්තර්ජාල සොයා බැලීමක සිට ශීතකරණයේ ඇති අඩුපාඩු දේ සොයා බලා, ඔන්ලයින් ක්‍රමයට ඒවා ඇනවුම් කිරීම දක්වා සෑම වැඩක්ම කළ හැකියි.

මෙම වැඩ කර ගත හැකි රැබිට් ආර් වන් උපාංගය හරි හතරැස්. අඟල් 2.8 ක ස්ක්‍රීනයකින් යුක්තය. මෙහි පසෙකින් ඇති බොත්තම තද කර කට හඬින් විධානය දිය යුතුයි. එසේම වටපිටාව හඳුනා ගැනීම පිණිස මෙහි හැම අතටම කර කැවෙන කැමරා ඇසක් තිබෙනව. එය සැලසුම් කරනු ලැබ ඇත්තේ ටීනේජ් ඉංජිනියරිං නම් ස්වීඩන් තාක්ෂණ සැලසුම් සමාගමයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...