Home Tech News Adobe සමාගමෙන් AI Video සාදන විශේෂාංගයක් ලගදීම
Tech News

Adobe සමාගමෙන් AI Video සාදන විශේෂාංගයක් ලගදීම

Share
blank
Share

Adobe සමාගමෙ නවතම ආරංචිමාර්ග වලට අනුව ඒ සමාගම මේ වසරේ අග භාගයේදී Video නිර්මාණයට හා සංස්කරණයට අදාළ AI වලින් බල ගැන්වුණු විශේෂාංගයක් නිකුත් කිරීමට නියමිතයි.මීට පෙර adobe සමාගමෙන් text to image විශේෂාංගයක් වන adobe firefly හදුන්වා දුන්නා. එසේම adobe සමාගමේ Photoshop සහ අනෙකුත් මෘදුකාංග වල AI තාක්ෂණය ඉහළ දැමීමටද මෙම විශේෂාංගය වැදගත් වුනා. ඉතින් මේ adobe firefly විශේෂාංගයේම වැඩි දියුණු කරන ලද මේ text to video model එක මගින් නව video නිර්මාණය, video එකක තිබෙන අනවශ්‍ය කොටස් ඉවත් කිරීම, video රූපරාමු තවදුරටත් පුළුල් කිරීම(extending a shot) වගේ වටිනා දෑ බොහොමයක් මේ මගින් සිදු කිරීමට හැකියාව ඇති බව එම සමාගම පවසනවා.

Adobe Firefly Video Model

මෙම විශේෂාංගය විසින් ප්‍රධාන ලෙස ඉලක්ක කරන්නේ වෘතීමය video නිර්මාණ හා සංස්කරණ ශිල්පීන් හට ඔවුන්ගේ ක්‍රියාවලින් පහසුවෙන් හා ඉක්මනින් සිදු කිරීමට උදව් කිරීම බවත් එම සමාගම වැඩිදුරත් පෙන්වා දෙයි. මෙම විශේෂාංගය adobe Premiere Pro සමගද අනුබද්ධ කරනු ඇති අතර adobe සමාගම පවසන පරිදි ඔවුන් වෙනත් AI තාක්ෂණ නිර්මාණකරුවන්ගේ උපාංගද මින් ඉදිරියට Premiere Pro බලගැන්වීමට, යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා

ඉතින් මෑතකදී ප්‍රසිද්දියට පත්වුණු OpenAI සමාගමේ Sora තවමත් සාමාන්‍ය භාවිතයට ලබාදී නොමැති පසුබිමක, Adobe සමාගමෙ මේ විශේෂාංගය මේ වසරේ අග බාගයේදී ලබා දුනහොත් එය text to video AI තාක්ෂණ තරගයෙන් ඉදිරියට පැමිණේවි යයි බලාපොරොත්තු වෙන්න පුළුවන්, ඒ වගේම මතක් කරන්න ඕන දෙයක් තමයි මෙය මුල් කාලයේදී බොහෝදුරට සීමිත පරිශීලකයන් ප්‍රමාණයකට පමණක් ලබා දෙනු ඇති.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...