Home Tech News 2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග
Tech News

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Share
blank
Share

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026 Consumer Electronics Show (CES) එකට තමන්ගේ නවතම තාක්ෂණික උපාංග නිකුත් කරලා තියෙනවා. මෙවර MSI එක CES එකට ගෙන එන්නේ “Innovate Beyond” කියන theme එක යටතේ, සම්පූර්ණයෙන්ම future-focused vision එකක්.


2026 CES එකේදී MSI විසින් Mobile Computing, Immersive Entertainment, Creator Workflow සහ High-Speed Connectivity කියන කාන්ඩ හරහා, නව නිපැයුම් නිකුත් කරල තියනව. ඒ අතරට CES Innovation Award එක ජයගත් සිහින් laptops, AI-powered Copilot+ PC, next-generation extreme performance hardware, සහ අලුත් WiFi 7 ecosystem එකත් ඇතුළත්.

The Prestige Series

අලුත්ම Prestige series laptops කියන්නේ මේ පාර design එකෙන්ම අලුත් උනු lineup එකක්. පෙරට වඩා සැහැල්ලු සහ සිහින් ලෙස තමයි මේ laptop design එක කරලා තියෙන්නෙ.

මේක සම්පූර්නයෙන්ම aluminum chassis එකකින් වන අතර, සුමට වක්‍රාකාර කරපු edges එක්ක, මේ laptops වල පෙනුම premium quality එකක් විදියට දිස්වෙනව. අතට අරගත්තමත් high-end product එකක් කියලා තේරෙන design එකක් මේ laptop වල තියනව.

හැබැයි Prestige series එකේ upgrade එක design එකෙන් නතර වෙන්නේ නෑ. මේවයේ productivity එක ඉහල මට්ටමකට ගෙන යන්න exclusive Action Touchpad එකත්, මේ laptop එකත් එක්කම එන MSI Nano Pen එකත් ලැබෙනව. ඒ නිසා portability එක බාධා රහිත වෙද්දී, සම්පූර්න user experience එකත් තවත් smart, smooth සහ efficient එකක් වෙලා තියෙනවා. වැඩ කරන අයට නම් මේක ඉතාමත් වැදගත් වෙන laptop series එකක් කියලා කියන්න පුළුවන්.

Raider 16 Max

අලුතින් launch කරපු Raider 16 Max කියන්නේ performance ගැන හිතන පරිගණක ක්‍රීඩකයන්ට MSI එකෙන් දෙන අලුත් laptop එකක්. මේ laptop එකට MSI එකේ Cooler Boost Trinity with Intra Flow thermalතාක්ශනය එකතු කරල තියෙනවා.

මේ cooling system එක තුළ fans තුනක්, heat pipes හයක්, exhaust vents පහක්, සහ phase-change thermal compound එකක් තියෙනවා. මේ විශේෂ උපාංග නිසා CPU එකටත් GPU එකටත් එකම වෙලාවෙ 300W දක්වා combined power එකක් නිකුත් කරන්න පුළුවන්.


ඒ නිසා Raider 16 Max එක කාර්යක්ෂම බවින් අඩු වීමක් නැතුව, extreme workloads සහ වැඩි වෙලාවක් සිදුකරන පරිගණක ක්‍රීඩාකිරීම් සිදු කරන්න පුලුවන්. MSI කියන විදිහට, මේක මේ වෙලාවේ ලෝකයේම තියෙන බලවත්ම 16-inch gaming laptop එක කියලා කියන්න පුළුවන්.

Stealth 16 AI+

අලුත්ම Stealth 16 AI+ කියන්නේ portability ගැන හිතන පරිශීලකයන්ට MSI සමාගමෙන් දෙන හොද laptop එකක්. මේ laptop එක 16mm සිහින් වගේම සහ 1.9kg වගේ බරකින් යුක්ත වෙන නිසා, පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුලුවන්.

මේ laptop එකෙ බර අඩු උනත් performance වල නම් අඩුවක් නැහැ. අලුතෙන්ම ප්‍රතිනිර්මානය කරපුthermal system එක නිසා, GPU එකට 20W දක්වා වැඩි power එකක් ලබාදෙන්න Stealth 16 lap එකට පුළුවන්. ඒකෙන් gaming හෝ heavy workloads වලදී උපරිම කාර්යක්ෂමතාවකින් වැඩ කරන්න පුලුවන් වෙනව.


ඒ වගේම connectivity සදහා මේ lap එකේ USB-A ports දෙකක්, Thunderbolt 4 ports දෙකක්, සහ RJ-45 LAN port එකක් ද ඇතුළත් වෙනව. ඒ නිසා මේක adapters ගැන හිතන්නෙ නැතුව, පරිශීලකයන්ට හොදින් වැඩ කරගන්න පුලුවන් all-rounder laptop එකක් කියලා කියන්න පුළුවන්.

Claw 8 AI+

MSI එකෙන් අලුත්ම පෙනුමක් එක්ක introduce කරන MSI Claw 8 AI+ Glacier Blue Edition කියන්නේ, ක්‍රීඩකයන්ට වැදගත් වෙන හොදම performance එක්ක, fresh style එකක් එක්ක එන පරිගණකයක්.

මේ device එක power වෙන්නේ අලුත්ම Intel® Core Ultra 200V processor එකකින් සහ Arc Xe2 graphics එක්කයි. ඒකට අමතරව ultra-bright 8-inch FHD+ 120Hz display එකක් වගේම VRR support එකත් තියෙන නිසා, ඕනෑම තැනක සුමට සහ හොද gaming experience එකක් ලැබෙනවා. විශාල 80Wh battery එක, වැඩිදියුනු කල cooling system එක, සහ Hall Effect controls එක්ක, දීර්ඝ පරිගණක ක්‍රීඩාකිරීම් වලටත් මේක ‍යොදාගන්න පුලුවන්.

MPG 341CQR QD-OLED X36

MSI එකෙන් අලුතින් හදුන්වා දුන්නු MPG 341CQR QD-OLED X36 කියන්නේ, පරිගණක ක්‍රීඩකයන්ව target කරපු 34-inch ultrawide gaming monitor එකක්. මේක UWQHD (3440×1440) resolution එකක් සහ 21:9 ultrawide aspect ratio එකක් එක්කයි එන්නෙ.

මෙම monitor එක බලගැන්වෙන්නෙ අලුත්ම 5th-gen QD-OLED panel එකෙන්. ඒකට අමතරව RGB Stripe sub-pixel layout එක නිසා, text සහ visuals වඩාත් පැහැදිලි වෙලා, color fringing වගේ ප්‍රශ්න මොකක්වත් නැතුව 360Hz refresh rate එකෙන් ක්‍රියාත්මක වෙනව.

HDR පැත්තෙන් බලද්දී, MSI එකේ විශේෂිත HDR Curve Customization විශේෂාංගයෙන් පරිශීලකයන්ට ඉහල HDR අත්දැකීමක් ලබා දෙනවා. ඒ වගේම OLED Care 3.0 තුළ තියෙන AI Care Sensor එක, NPU-based algorithm භාවිතා කරලා real-time පරිශීලකයව හදුනාගනිමින් power usage එක කළමනාකරණය කරනවා.

සම්පූර්ණයෙන්ම බැලුවොත්, MPG 341CQR QD-OLED X36 කියන්නේ performance, visuals සහ smart OLED care එකක් එක්ක එන premium ultrawide gaming monitor එකක් කියලා කියන්න පුළුවන්.

Cubi NUC AI+ 3MG – a Copilot+ PC

Cubi NUC AI+ 3MG කියන්නේ ultra-compact size එකක් ඇතුළත pack කරපු Copilot+ PC එකක්. මේකේ ප්‍රමානය වෙන්නෙ ලීටර් 0.51ක් විතරයි. හැබැයි size එක පොඩි වුණාට performance එක නම් ඉතාමත් ඉහළ මට්ටමක තියනව. මේ PC එක support කරන්නේ අලුත්ම Intel® Core™ Ultra 9 processor (Series 3) එකට.

Connectivity පැත්තෙන් බලද්දී, dual Thunderbolt පෝට් 4ක්භාවිතා කරලා displays හතරක් දක්වා connect කරන්න පුළුවන්. ඒකට අමතරව dual 2.5G LAN ports තියෙන නිසා, network security සහ high-speed connectivity දෙකම මේකෙ තියනව.

ආරක්ශාව අතින් ගත්තම, fingerprint-activated power button එකක් දාලා තියෙන නිසා, PC එක power on කරන මොහොතේම extra protection එකක් ලැබෙනවා. මේකේ තියන, tool-free design එක නිසා upgrades හෝ cleaning වැඩ ලේසියෙන්ම කරගන්න පුළුවන්.


අඩු ඉඩ අවකාශයක් තියෙන අයට වැදගත් වෙන cable organizer එකත් මෙහි ඇතුළත්. ඒ විතරක් නෙමෙයි, Cubi NUC AI+ 3MG එක post-consumer recycled (PCR) අමුද්‍රව්‍යවලින් නිශ්පාදනය කරලා තියෙනව.

AM5 “MAX” Series Motherboards

නවතම AMD X870(E) සහ B850 MAX series motherboards කියන්නේ MSI එකෙන් high end PC target කරලා හඳුන්වා දීපු නිශ්පාදනයක්. මේ boards වලට built-in OC Engine එක එකතු කරලා තියෙනවා. ඒකට අමතරව 64MB BIOS ROM එකක් දාලා තියෙනව.

DIY පරිශීලකයන්ට පහසු වෙන්න smarter EZ DIY upgrades ද එකතු කරලා තියෙනවා. එදිනෙදා වැඩ වලදි, 15% දක්වා performance gains ලබා දෙන්න මේ boards වලට පුළුවන් කියලා MSI සමාගම කියනවා.
ඒ වගේම AMD සමාගමේ අලුත්ම processors වල සම්පූර්ණ හැකියාවන් මේ motherboard lineup එකෙන් බාවිතා කරන්න පුලුවන්. සමස්තයක් විදියට බැලුවොත්, performance, stability සහ future-proofing කියන හැමදේම එකට ගෙන එන motherboard lineup එකක් කියලා කියන්න පුළුවන්.

Next-Gen Power

MSI එකෙන් අලුත් වඩාත් කාර්යක්ෂම අලුත් PSU series එකක් හදුන්වාදීලා තියෙනවා. මේ series එක design කරලා තියෙන්නේ අලුත්ම graphics cards සමගත් හොදින් ක්‍රියාත්මක වෙන්න පුලුවන් විදියට. ඒකටම GPU Safeguard+ කියන advanced protection technology එකත් එකතු කරල තියනව.

Performance based පරිගණක හදන පරිශීලකයන් target කරපු MPG Ai1600TS PCIE5 කියන්නේ ඉතා බලසම්පන්න PSU එකක්. MSI එකේ exclusive protection technology භාවිතා කරලා, +12V rail stability එක හොදින් හසුරුවන නිසා, extreme performance systems වලට හොදින්ම ගැලපෙනව.


කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව කියන දෙකම සමබර කරලා ඕන අයට නම්, MAG A1200PLS PCIE5 කියන්නේ හොද තේරීමක්. මේ Platinum-rated PSU එක, low-noise 135mm FDB fan එකක් එක්ක එනවා. ඒ වගේම GPU Safeguard protection එකත් ඇතුලත් වෙන නිසා, power delivery එක ආරක්ශිත, ස්ථාවර සහ නිශ්ෂබ්ද එකක් වෙනව.

WiFi 7 Mesh System

MSI එකෙන් අලුතින් නිකුත් කරපු Roamii BE Pro කියන්නේ, සම්පූර්ණ ගෙදරටම ස්ථාවර සම්බන්ධතාවක් ලබා දෙන බලගතු mesh WiFi 7 system එකක්. මේක design කරලා තියෙන්නේ නිවසේ සෑම තැනකට එකම වේගයකින් ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්න.

Tri-band connectivity, adaptive roaming, සහ built-in FortiSecu protection එක්ක, Roamii BE Pro එක වේගය සහ ආරක්ශාව යන අංශ දෙකම සපුරනව. ඒ නිසා streaming, gaming, work-from-home වගේ ඕනෑම දෙයකට භාවිතා කළත් connection එක සුමටව තියනව.

කාර්යෂමතාව විතරක් නෙමෙයි, උපාංගයේ පෙනුමත් තියනව. stylish triangular design එකත්, customizable RGB lighting එකත් නිසා, මේක router එකක් වගේ දැනෙන්නෙ නෑ.

පහසුවෙන් කරගන්න පුලුවන් setup process එකත් එක්ක ඉදිරි පරම්පරාවේ අන්තර්ජාල අත්දැකීමක්, ලබාගන්න අවශ්‍ය අයට Roamii BE Pro කියන්නේ හොදම තේරීමක්.

MSI SPATIUM M571 DLP SSD

MSI එකෙන් හදුන්වාදුන්නු flagship SPATIUM M571 DLP SSD කියන්නේ, storage performance ගැන හිතන පරිශීලකයන් target කරපු next-gen solution එකක්. මේ SSD එක PCIe Gen5 interface එක මත නිර්මානය කරලා තියෙන නිසා, read / write speeds 14,000 /11,000 MB/s දක්වා අගයක් තියනව.

මේක power වෙන්නේ TSMC 6nm controller එකකින්. ඒ නිසා performance maintain කරගෙනම, power consumption 50% දක්වා අඩු කරන්න පුළුවන්. ඒකට අමතරව MSI එකට විශේෂ වූ Data Loss Protection (DLP) technology එකත් අන්තර්ගත කරලා තියෙනවා. අනපේක්ෂිත විදුලිය විසන්දිවීම් වගේ අවස්තාවකදී, අත්‍යාවශ්‍ය දත්ත ආරක්ශා කරගන්න මේ විශේෂාගය ගොඩක් වැදගත්.

වේගය, power efficiency සහ විශ්වාසනීයත්වය කියන තුනම සමබර කරලා, SPATIUM M571 DLP SSD එක content creation, high-end gaming සහ AI workloads වගේ වැඩ වලට අවධානය යොමු කරලා තියෙනවා.
ඒ වගේම MSI එක තමන්ගේ high-performance storage lineup එක තවත් විශාල කරමින්, අලුතින් DATAMAG 40Gbps external SSD එකත් හදුන්වාදීලා තියෙනවා. වේගයත්, පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වීමත් අවශ්‍ය පරිශීලකයන්ට මේ SSD එක වැදගත් වෙන නිශ්පාදනයක්.

MSI Gaming Peripherals

MSI සමාගමේ 8K series එකෙන් අලුතෙන් හදුන්වාදෙන උපාංග තමයි Versa 300 8K Wireless සහ Versa 500 8K Wireless කියන gaming mice. ඒ අතරින් Versa 500 8K Wireless එකේ විශේෂත්වය තමයි Hall-effect magnetic scroll wheel එක සහ dual-mode switching support තියන එක. ඒවායෙන් පරිශීලකයන්ට සුමට scrolling experience එකක් ලබාගන්න පුලුවන්.

Keyboards අතරින් Strike 700 HE 8K Wireless එකෙත්, Hall-effect switches සහ වර්ණවත් RGB lighting එක්කයි නිර්මානය කරල තියෙන්නෙ. MSI සමාගමෙන් තවත් උපාංග කිහිපයක් එළිදක්වල තියෙනවා, ඒ අතරට Maestro 500 wireless headset සහ අලුත් GK600 series keyboardsඇතුලත් වෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...

Tesla අභිබවා ඉදිරියට පැමිණි BYD

විදුලි වාහන (EV) ක්ෂේත්‍රයේ දිගු කලක් මුල්තැන අරන් හිටපු Tesla සමාගමේ 2025...