Home Tech News 2013 නිකුත් කල Mac Pro අසාර්ථක බව Apple පිලිගනී
Tech News

2013 නිකුත් කල Mac Pro අසාර්ථක බව Apple පිලිගනී

Share
blank
Share

අවුරුද්දෙන් අවුරුද්ද නිකුත් කරන iPhone එක්ක ගොඩක් අය Apple සමාගම දන්නෙ iPhone සහ iPad නිපදවන සමාගමක් විදහටයි. ඒත් එයින් එහාට ගිය Desktop publishing, Video editing වගේ දේවල් මුලින්ම Personal computer වලට ගෙනාවෙ apple කියල දන්නෙ ටික දෙනයි.

Apple සමාගමේ නිෂ්පාදන අතර ඉහලින්ම හිටපු Mac Pro කියන්නෙ Professional වැඩවලට Apple සමාගම නිකුත් කරපු high end වගේම upgrade කරන්න පුලුවන් Mac option එකයි. Computer තාක්ෂණය ලංකාවට ආපු මුල්ම කාලෙ Desktop publishing, Graphic Designing වලට ආවෙ මෙන්න මේ mac Pro එකයි. ඒත් ටික ටික Windows මේ වෙළදපල ආක්‍රමණය කරා.

2011 steve jobs ගෙ අභාවයත් එක්ක mac Pro එකත් හිටපු තැනම නතර උනා. 2013 නිකුත් කරපු mac pro එක මේකට හොදම උදාහරණයයි. කුණු කූඩය (Trash can) විදිහට කා අතරත් සරදමට ලක්වෙච්ච මේ mac Pro එක Design එක අතින් වගේම වැඩිදුරටත් Upgrade කරන්න බැරි විදිහට thermal design එක අතිනුත් දුර්වලයි කියල Apple සමාගම ගිය සතියෙ පිළිගත්ත.

තමන්ගෙ ආයතනයෙ පවත්වපු ප්‍රවෘත්ති සාකච්ඡාවකදි Apple සමාගම කිව්වෙ 2013 නිකුත් කරපු mac Pro එක අවුරුදු 3ක් යනකම් කිසිම upgrade option එකක් දෙන්න බැරි උනෙ ඒකෙ තියෙන තාපය පිටකිරීමේ සීමාවට ඒක නිකුත් කරපු hardware ඇරෙන්න අලුත් hardware එකතු කරන්න බැරි නිසා බවයි. මේ වැරැද්ද තමන් පිළිගන්න බවත් තමන්ගෙ professional users ලට upgrade කරන්න පුලුවන් modeler design එකක අලුත්ම mac අත්දැකීමක් දෙන්න තමන් සූදානම් වෙන බවත් apple සමාගම මෙහිදි කිව්ව.

Apple සමාගම තමන්ගෙ mac pro එක අමතක කරපු මේ අවුරුදු 3 ඇතුලත Microsoft සමාගම Surface Studio එක හදුන්වා දුන්න. ආයෙත් Apple සමාගමට එයාලගෙ mac pro එක මුලින් තිබ්බ තැනට අරන් එන්න නම් අලුත්ම විදිහට hardware ගැන හිතන්න වෙනව වගේම තමන්ගෙ software ගැනත් හොදට  හොයල බලන්න වෙයි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...