Home Tech News social media Prime Time Channels එක්ක අලුත්වෙන YouTube
social mediaTech NewsUpdates

Prime Time Channels එක්ක අලුත්වෙන YouTube

Share
blank
Share

YouTube විසින් ඉදිරියේදී තවත් නව විශේෂාංගයක් හදුන්වා දෙන්න සූදානම් වෙනව. එය Primetime Channels නමින් තමයි හදුන්වනු ලබන්නෙ. මෙම Primetime Channels තුලින් පරිශීලකයන්ට TV shows, movies, සහ sports විකාශය කරන streaming services දැකගන්න පුලුවන් වේවි. ඒ අතරට Showtime, Starz, Paramount+, සහ AMC+ වැනි ප්‍රධාන පෙළේ streaming services ගණනාවක්ම තිබෙනව.

එක්සත් ජනපදය තුල මේ වනවිට මෙම නව විශේෂාංගය ක්‍රියාත්මක වෙනව. TV shows සහ movies ඇතුලත් streaming services 30ක් මේ වනවිට මෙම Primetime Channels සදහා එක්කර තිබෙනව.

මෙම Primetime Channels homepage එකෙ TV shows සහ movies වලට අමතරව trailers, cast interviews, සහ behind-the-scenes footage ආදියත් දැකගන්න පුලුවන්. පරිශීලකයන්ට ප්‍රධාන YouTube search panel එක තුලින් අවශ්‍ය films සහ shows search කර ලබාගත හැක. ඒ ආකාරයට search කල movie එක හෝ TV show එක සහිත streaming service එකට පරිශීලකයා ගෙවීමක් කර ලබාගෙන ඇත්නම් “watch now” ලෙස කුඩා කොළපාට icon එකක් දැකගන්න පුලුවන් වෙනව. එම streaming service එක ගෙවා ලබාගෙන නැතිනම් එමගින් “pay to watch” ලෙස පෙන්වනව.

YouTube recommendations විශේෂාංගයත් මෙම Primetime Channels තුල ක්‍රියාත්මක වෙනව. පරිශීලකයෙක් trailer එකක් නැරබුවොත් එම trailer එකට අදාල series එක හෝ movie එක Primetime Channels තුල ඇත්නම් පරිශීලකයාට එය එවෙලෙම නැරඹීම සදහා pop up එකක් ලෙසින් පෙන්වනව. 

මෙය බාවිතා කරන පරිශීලකයන්ට මීටපෙර ලබාගත් Paramount+, Showtime හෝ වෙනත් streaming services එකක subscription එකක් ඇත්නම් එය මෙම Primetime Channels තුල බාවිතා කල නොහැක. ඒ සදහා එම පෙරපැවති subscription එක ඉවත් කර YouTube එක හරහා ඔබේ membership එක ලබාගත යුතුය.

YouTube සමාගම මෙමගින් උත්සහ කරන්නෙ Netflix, Hulu සහ HBO Max වැනි streaming services සමග තරග කලහැකි පරිශීලකයන්ගේ සියලුම streaming අවශ්‍යතා වල කේන්ද්‍රස්තානයක් සැකසීමයි. මෙයට ඉදිරියේදී තවත් නව විශේෂාංග එක්කර සියලුම රටවල් සදහා නිකුත් කරන්න බලාපොරොත්තු වන බව වාර්තා වෙනව.

මෙහි අඩංගු නොවන විශේෂාංගයක් ලෙස දැක්විය හැක්කේ live TV පහසුකමයි. ඒ සදහා පරිශීලකයන්ට තවමත් YouTube TV බාවිතා කරන්න සිදුවෙනව. තවමත් නිශ්චිත සදහනක් නැති වුනත් ඉදිරියේදී මෙම live TV පහසුකමත් එක්වේවි යැයි බලාපොරොත්තු වෙමු.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...