Home Tech News OS දැන් Wear OS සදහාත් සහය දක්වන WhatsApp
OSsocial mediasoftwareTech News

දැන් Wear OS සදහාත් සහය දක්වන WhatsApp

Share
blank
Share

WaBetaInfo මගින් දක්වා තිබෙන තොරතුරු වලට අනුව ලොව තිබෙන විශාලතම පරිශීලකයන් පිරිසක් සිටින ඇප් අතරින් එකක් වන WhatsApp, Wear OS සහිත ස්මාට් වොච් සදහා ලගදීම නිකුත් වෙනව. දැනට WhatsApp සමාගම මෙය Wear OS 3 තිබෙන උපාංග වන Galaxy Watch 5, Pixel Watch සහ තවත් මාදිලි කිහිපයක පරීක්ශා කරගෙන යනව.

දුරකතන වල තිබෙන WhatsApp මෙන්ම මෙහිද recent chats සහ contacts පෙන්වන අතර voice සහ text messages යැවීමේ පහසුකමත් ලබාදී තිබෙනව. මෙය බාවිතා කිරීමට නම් දැනට ඔබේ දුරකතනයේ WhatsApp Beta version එකක් තිබීම අනිවාර්ය වෙනව. ඔබේ වොච් එකට මෙය install කිරීමෙන් පසු ඉලක්කම් සහ අකුරු අටක කේතයක් දැක්වෙන අතර එය ඇතුලත් කල විට ඔබේ ගිණුම එයට sync වීම සිදුවෙනව.

මෙහි ඕනෑම සංවාදයක් ක්ලික් කිරීමෙන් තනි පුද්ගල හෝ කණ්ඩායම් වල conversationsහි පණිවිඩ, යවන ලද පින්තූර යනාදිය පෙන්වනව. එක් එක් conversations වලට පිලිතුරු යැවීමට ඔබට පද්ධති යතුරුපුවරුව භාවිතයෙන් හඬක් හෝ කෙටි පණිවිඩයක් යැවීමට තෝරාගන්න පුලුවන්. ඒ හා සමානව, ඔබට දැනට පවතින හෝ ලැබුණු ඕනෑම පණිවිඩයක් බැලීමට හෝ සවන් දීමටත් පුලුවන්.

නොකියවූ පණිවිඩ පෙන්වීමට WhatsApp වෙතින් ඔබගේ ඔරලෝසුවේ home page එකෙහි circular complication එකක් ඉදිරිපත් කර තිබෙනව. ඒවගේම මෙහි ඉක්මනින් සම්බන්ධ වියයුතු පුද්ගලයන්ගෙ conversations තබාගැනීමට වෙනම tiles දෙකක් ලබාදී තිබෙනව.

මෙය බාවිතා කිරීමට ඔබේ දුරකතනයේ සහ ඔබේ වොච් එකෙ  WhatsApp beta version 2.23.10.10+ තිබිය යුතු වෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...