Home Tech News social media WhatsApp සඳහා Avatar පහසුකම හඳුන්වා දෙන ලකුණු
social mediaTech News

WhatsApp සඳහා Avatar පහසුකම හඳුන්වා දෙන ලකුණු

Share
blank
Share

Meta සමාගම Facebook සහ Instagram සේවා දෙක සඳහාම මේ වෙනකොට Avatar එකක් සෑදීමේ පහසුකම ලබාදීල තියනවා. ඒ අනුව පරිශීලකයන්ට Stories සහ private messages වලදි තමන්ගෙ Avatar එක භාවිතා කරන්න පුලුවන්. දැන් මේ පහසුකම WhatsApp සඳහාත් නිකුත් කරන්න සූදානම් වෙන බවක් තමයි පෙනෙන්න තියෙන්නේ. අලුත්ම WhatsApp beta Android සංස්කරණයේ මේ Avatar පහසුකම දැකගන්න ලැබෙනවා.

මාස කිහිපයක සිට Avatar එකක් සෑදීමේ පහසුකම WhatsApp වෙත ගෙන එන්න එහි සංවර්ධකයින් විසින් කටයුතු කරමින් සිටියා. WABetaInfo වෙබ් අඩවිය මේ පහසුකම නිකුත් වෙන්න නියමිතයි කියල ප්‍රකාශ කරේ පසුගිය ජූනී මාසයේදී, ඒ වගේම අගෝස්තු මාසයේදී අපිට දැකගන්න හැකි වුනා Avatar එකක් sticker එකක් ලෙස පාවිච්චිචි කරන්නෙ කොහොමද කියලා. දැන් මේ පහසුකම අලුත්ම WhatsApp beta Android සංස්කරණයේ දැකගන්න පුලුවන්.

මේ හඳුන්වාදෙන Avatar පහසුකමින් ඔබට අවශ්‍ය පරිදි 3D avatar එකක් නිර්මාණය කරගැනීමට පහසුකම ලබාදෙනවා. මේ Avatar එක ඔබට ඔබගේ DP එක ලෙස සකසන්න පුලුවන්, ඒ වගේම Avatar එකක් සැකසුවාට පස්සෙ WhatsApp විසින් Avatar එක භාවිතයෙන් අලුත්ම sticker pack එකකුත් සකසල දෙනවා.

Android සඳහා වන නවතම beta සංකරණය භාවිතා කරන පරිශීලකයන් අතරින් තෝරාගත්ත පිරිසක් සඳහා මේ අලුත් පහසුකම සක්‍රීය වෙලා තියනවා. ඔයත් මේ beta program එකේ සාමාජිකයෙක් නම් WhatsApp update කරල මේ පහසුකම ලැබිලද කියල බලන්න පුලුවන්. එහෙම මේ පහසුකම ලැබිලනම් WhatsApp settings වල Avatar කියල option එකක් අලුතෙන් දැකගන්න ලැබේවී. ඒ මගින් අවශ්‍ය ලෙස Avatar එකක් සකස් කරගන්න පුලුවන්. Avatar එක සකස් කරාට පස්සෙ ඉබේම sticker pack එකත් selection menu එකට එකතු වෙනවා.

අලුත්ම beta සංස්කරණය install කරාට පස්සෙත් Avatar setting එක දැකගන්න බැරිනම් ඔයාට තව සති කිහිපයක් බලන් ඉන්න වෙයි මේ පහසුකම beta සංකරණ සඳහාත් පුළුල් වශයෙන් නිකුත් කරනකන්. WhatsApp විසිනුත් මේ පහසුකම ගැන තවම නිල නිවේදනයක් නිකුත් කරල නෑ. ඒ කියන්නෙ සාමාන්‍ය පරිශීලකයන් වෙත Avatar පහසුකම නිකුත් කරන්න ඊටත් වඩා කාලයක් ගත වේවී.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...