Home Tech News software TikTok මාසික පරිශීලකයින් ප්රමාණය බිලියනය ඉක්මවයි
softwareTech News

TikTok මාසික පරිශීලකයින් ප්රමාණය බිලියනය ඉක්මවයි

Share
blank
Share

ලෝකයේ ඉන්න හුඟක් smartphone users ල ප්‍රමාණයක් වැලඳගත්ත app එකක් තමයි TikTok කියන්නෙ. ලංකාවෙත් TikTok පිලිබඳ විවිධ මත තිබුනත් විශාල පිරිසක් මේ app එක තමන්ගෙ smartphone එකේ පාවිච්චි කරනවා. ඇමරිකාව සහ ඉන්දියාව වගේ විශාල අන්තර්ජාල භාවිතයක් තියන රටවල් වලින් විවිධ දේශපාලනික බාධක ආවත් තමන් මාසික සක්‍රීය පරිශීලකයන් ප්‍රමාණය බිලියනය පසු කරා කියල TikTok ආයතනය පසුගිය දවසක ප්‍රකාශ කරා.

චීන සමාගමක් වන TikTok වෙත එක්සත් ජනපද රජය විසින් දත්ත එකතු කිරීමේ ක්‍රම සහ ඇමරිකානු පුරවැසියන් පිළිබඳව ඔත්තු බැලීමේ චෝදනාව එල්ල කරල දැඩි සම්බාධක පැනවූවා. Trump පාලන සමයෙ TikTok ඇමරිකාව තුල තහනම් කරන්න පවා ඇමරිකානු රජය පියවර ගත්තා. නමුත් ජනාධිපති Biden විසින් මේ දැඩි තීරණ ඉවත දමා තියනව කියලයි වාර්තා වෙන්නේ.

@tiktok

✨ 1 billion✨ people on TikTok! Thank you to our global community 🎉

♬ original sound – TikTok
පවතින වසංගත තත්වය නිසා TikTok app එකේ වර්ධනයක් දක්නට ලැබුනා. 2020 මුල් කාර්තුවේ ලෝකයේ වැඩියෙන්ම download කරපු app එක වෙන්නත් TiktTok වලට හැකියාව ලැබිල තියනවා. සමහර සමීක්ශණ සමාගම් පවසන විදිහට ඒ කාර්තුවේ පමණක් TikTok app එක මිලියන 315ක් පමණ download කරගෙන තියනවා. පසුගිය ජූලි මාසයේ TikTok වලට හැකියාව ලැබුනා, Facebook apps හැර ලෝකය පුරා බිලියන 3ක් download කරගත්ත පලවෙනි app එක වෙන්නත්.
 
TikTok මව් සමාගම වෙන ByteDance වල ආදායමත් මේ වර්ධනයත් එක්ක ඉහල ගිහින්. 2020 වසරේ ඔවුන් ලැබූ ආදායම ඒ කාලයේම 2019 දි ඉපැයූ ආදායම වගේ දෙගුණයක් පමණ වෙනව කියලයි වාර්තා වෙන්නේ. 2020 අගෝස්තු වලට වඩා 25% ක පමණ වැඩි පරිශීලකයන් පිරිසක් මේ අවුරුද්දෙ අගෝස්තු වෙද්දි TikTok පාවිච්චි කරනව කියල SensorTower වගේ සමාගම් කරපු සමීක්ශණ වලින් එලි වෙලා තියනවා. මේ අවුරුද්දෙ ජූනි වෙද්දි ByteDance සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 425 ක් විතර වෙනවා. 

TikTok වලට තරඟයක් දෙන්න ලෝකයේ ප්‍රධාන Tech සමාගම් ඔවුන්ගෙත් short-form video සේවාවන් එලිදක්වල තියනවා. Instagram Reels, YouTube Shorts සහ Snapchat Spotlight එයින් කිහිපයක්. මේ සේවාවන් වලින් පොඩ්ඩක් හරි සාර්ථක වෙලා තියෙන්න Instagram Reels පමණයි. කොච්චර තරඟකාරීත්වයක් ආවත් TikTok වල එක දිගටම වර්ධනයක් බලාගන්න පුලුවන්. ගිය මාසයේ වාර්තා වෙච්ච විදිහට ඇමරිකාවෙ TikTok users ල YouTube users ලටත් වඩා වෙලාවක් TikTik content බලන්න ගත කරනවා.
Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...