Home Tech News software Spotify වලට කොච්චර Data වැය වෙනවද?
softwareTech News

Spotify වලට කොච්චර Data වැය වෙනවද?

Share
blank
Share

ලංකාවෙ දැන් හුඟක් දෙනෙක් දන්න දෙයක් තමා මීට ටික දවසකට කලින් ලංකාවට Spotify නිල වශයෙන් ලබදුන්න. මේ Service එක කාලයක් යනකන් ලංකාවට ලබාදීල තිබුනෙ නෑ. සරලව Spotify කියන්නෙ Music and Podcasting Streaming Service එකක්. ඒ කියන්නෙ නොමිලේ හරි Premium Price එකක් ගෙවල හරි අපිට ඕන සිංදුවක් හරි Podcast එකක් හරි මේකෙන් ඕන වෙලාවක ඔන්ලයින් අහන්න පුළුවන්. Spotify විසින් ලංකාවට Regional Price ලිස්ට් එක්කුත් හඳුන්වල දීල තියනව. ඒ හින්ද දැරිය හැකි මුදලට මේ සේවාව දැන් අපිට ලබාගන්න පුලුවන්.

Spotify ලංකාවට හඳුන්වාදීමත් එක්ක හුඟක් අයට ආපු ප්‍රශ්නයක් තමා මේකට කොච්චර data වැය වෙනවද කියන එක. මුලින්ම කියන්න ඕන මේකට Video stream කරනවට වඩා ගොඩක් අඩු Data ප්‍රමාණයක් තමා වැය වෙන්නෙ. අපි මේ විදිහට යන Data ප්‍රමාණය ගැන කතා කරන්නෙ kbps(Kilobits Per Second) වලින්. Spotify Android App එකේ Level 4කින් Quality එක තෝරන්න පුලුවන්. ඒ Low(24kbps), Normal(96kbps), High(160kbps) සහ Very high(320kbps) විදිහට. මීට අමතරව Automatic කියල option එකකුත් තියනව ඒ ෆෝන් එකේ connection එක අනුව quality එක auto select වෙන විදිහට.

පල්ලෙහයින් තියනව තේරුන් ගන්න ලේසි වෙන්න එක එක quality වලින් විනාඩියකට, පැයකට සහ 1GB වැය වෙන්න කොච්චර වගේ වෙලාවක් යනවද කියල සටහනක්. මතක තියාගන්න මේක දළ අදහසක් ගන්න විතරයි. බොහෝ වෙලාවට ඔයා නිතර අහන ගීත Spotify cache කරනව, එතකොට වැය වෙන data තවත් අඩු වෙන්න පුලුවන්.

QualityLow (24kbps)Normal (96kbps)High (160kbps)Very high (320kbps)
විනාඩි 10.18MB0.72MB1.2MB2.4MB
පැය 110.8MB43.2MB72MB144MB
1GB වැය වෙන්නපැය 92.5ක්.පැය 23.1ක්පැය 13.8ක්පැය 6.9ක්
Spotify Streaming Quality and Data Usage

ඔයාලට බලාගන්න පුලුවන් මේක Video stream කරන්වට වඩා ගොඩක් අඩු rate එකක් කියල. සමහර විට ලංකාවෙ ISP ල Spotify වෙනුවෙනුත් unlimited data packages හඳුන්වාදෙන්න ඉඩ තියනවා. ලංකාවෙ අනිත් ප්‍රසිද්ධ Music streaming platform එක වෙන Apple Music වල උපරිම quality එක වෙන්නෙ 256kbps. Spotify වලට වඩා පොඩ්ඩක් අඩුයි. ඒත් ඒකෙ වෙනසක් දකින්නම් ඉතා උසස් ගණයෙ ගීත ඇසීමේ උපකරණ පාවිච්චි කරන්න වෙනව. තවත් දෙයක් තමා Spotify premium plans වල අවශ්‍ය ගීත අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. එතකොට internet connection එකක් නැතුව උනත් අපිට ගීත රසවිඳින්න අවස්ථාව ලැබෙනවා.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...