Press ESC to close

Redline BlackBox – සිහින දකින්නන්ට පමණයි!

Campus එකේ නැත්නම් Course එකේ Final project වැඩ කරගන්න PC එකක් හොයනවද? Youtube / Vieo Editing කරන්න, වියදම් කරන මුදලට හොදම PC එකක් ගන්න විදිහක් ගැනයි මේ කියන්නෙ.

Redline Technologies කියන්නෙ ලංකාවේ පරිගණක අලෙවිය වගේම පරිගණක ක්‍රීඩා වලටත් ගොඩක් දේවල් එකතුකරපු ඒ වගේම අවුරුදු ගණනක පළපුලුරුද්ද එක්ක තමන්ගෙ පාරිභෝගිකයන්ට හොදම සේවාවක්දෙන්න කටයුතු කරන තැනක්. පහුගිය සතියෙ දවසක Redline එකෙන් pcguidelk එකට එවල තිබුන BlackBox system එකක තිබුනෙ එක note එකක්. ඒ තමයි මේ System එක ගැන Test කරල ඔයාගෙ අදහස් නිදහසේ කියන්න කියල.

Get Your Site Up with A2 Hosting

පිටතින් පේන්න ලොකු RGB effects / Liquid Cooling වගේ දේවල් නැතුව බොහොම Low profile එකකින් ආපු මේ System එකත් එක්ක සතියක් විතර වැඩකරන්න පටන් ගත්තෙ හොද Review එකක් අරන් එන්න වගේම System එක ගන්න කෙනෙක් මේක Content creation වලට වගේම Gaming සහ එදිනෙදා වැඩ කටයුතු කරගන්නත් පාවිච්චි කරන Main system එකක් වෙන නිසා.

මේ BlackBox system එකේ Configuration එක

  • AMD Ryzen 5 2600X 6-core/12-thread
  • AMD Wraith Spire 95W cooling solution
  • AMD B350 Chipset
  • 16GB DDR4 2666Mhz Memory
  • Nvidia GeForce GTX 1050Ti
  • 250GB PCIe Gen 3.0 x4 NVMe M.2
  • 1TB 7200RPM SATA
  • Corsair VS 450 Power Supply
  • Corsair 100R Chasis

මේ තෝරගෙන තියෙන දේවල් සහ සම්පූර්ණ System එක දිහා බැලුවම මේක Serious වැඩ කරන ඒ වගේම ඉදිරියෙදි System එකේ කොටස් Upgrade කරගන්න කෙනෙක් ගැන හිතල හදල තියෙන System එකක් කියල පේනව.

NVMe Boot Drive එකත් එක්ක තත්පර 10ක් ඇතුලත On වෙන System එක ඒ මොහොතෙම වැඩකරන්න පටන්ගන්න පුලුවන් නිසා සාමාන්‍ය වැඩකටයුතු වගේම professional වැඩ කටයුතුවලදිත් කාලය ඉතිරි වෙනව වගේම වැඩ කරද්දි Responsive system එකක් හැමවෙලේම බලාපොරොත්තු වෙන්න පුලුවන්. (System එක respond කරන්න වෙලාව ගිය එකම අවස්ථාව blender CPU test එක කරද්දි. CPU එක සම්පූර්ණයෙන්ම පාවිච්චි වෙද්දි ඕනම System එකක වෙන වැඩක් කරන්න කොහොමත් බැහැ.)

එදිනෙදා වැඩ කටුයුතු වෙන Internet /email / Music / Movies වගේ දේවල් වලදි මේ System එක කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ දේවල් කරන්න පුලුවන් බව පෙන්නුව. මීලගට තියෙන්නෙ සාමානයෙන් මං වගේ youtuber කෙනෙකුට එහෙමත් නැත්නම් Finals කරන Student කෙනෙකුට ඒ වගේම Professional වැඩ කරන්න පටන්ගන්න කෙනෙකුට මේ System එක මොන විදිහෙ output එකක් දෙයිද කියන එකයි.

ඔයා pcguide.lk එකට

මේ Test වලදි System benchmark වගේම මගේ project files පාවිච්චි කරල ගත්ත ප්‍රතිඵල අනුව දැනට (2018 ජුලි මාසය) රු 192,500ක් වෙන මේ System එක වැඩකරන්න (Content creation) වලට ගන්න හොද System එකක් කියල කියන්න පුලුවන්. පහතින් තියෙන්නෙ මේ System එකේ benchmarks සහ Results.

Disk Test

මේ test එකේදි Premiere Render Video file එක විදිහට 32GB Video File එකක් Disk එකට write වෙනව. මේක GPU එකත් එක්ක සහ Software Render එකෙනුත් කරා. ඒ වගේම HDD එකට 32GB render එක Save කරල වගේම M2 SSD එකටත් File එක Render කරා. මේකෙදි ආපු Results තමයි මේ.

 

MPEG 2 Encoding Test

මේ test එකේදි MPEG-2 විදිහට Video එකක් Encode කරන process එකක් තමයි තියෙන්නෙ. මේ test එකේදි GPU Acceleration එක්ක සහ Software එකෙන් වගේම test කරා.

 

H.264 Encoding Test

මේ test එකේදි Video එකක් දැනට Youtube, HD Videos Encode කරන්න ගන්න H.264 Encoder එක පාවිච්චි කරල Encode වෙනව. H.264 Codec එක encode කරන්න වගේම Playback එකේදි Decode කරන්න දැන් තියෙන හැම GPU / CPu එකකටම හැකියාව තියෙනව.

Real World Render Tests

මේ හැම Test එකක්ම GPU / CPU processing වල උපරිම ප්‍රයෝජනය ගන්න Test කරන්නම හදපු ඒව නිසා මගේ personal project 2ක් මෙතනදි Render කරා. මේකෙදි මට ඕන උනේ ඇත්තටම අපි project එකක් කරද්දි GPu acceleration එකෙන් මොන වගේ Effect එකක්ද එන්නෙ කියල බලන්න.

 

Gaming – ULTRA Settings

මේක Gaming වලට හදපු System එකක් නෙමෙයි. එහෙම කියල මේ System එක ගන්න කෙනෙක් Free Time එකේදි Relax වෙන්න Game එකක් නොගහ ඉන්නෙ නැහැනෙ. ඉතින් මේ 6core / 12 thread CPU එකයි GTX 1050 Ti 4GB Graphics එක්ක 16GB RAM එකක් gaming වලටත් ගොඩක් හොදට Perform කරා. (මේ Results මම හදාගත්ත High / medium balance එකක් එක්ක තමයි Average කරල තියෙන්නෙ.)

Premium Warranty / After Sales Service

ඕනම දෙයක් අපි විශාල මුදලක් වැයකරල ගන්නෙ ඒ ගන්න අවස්ථාව සහ ඒක පාවිච්චි කරන කාලය ඇතුලත ලැබෙන අත්දැකීම කියන දේවල් දෙකටමයි. මේකෙන් ගත්තට පස්සෙ අත්දැකීම සෑහෙන අයට වෙනස් උනත් Redline එකෙන් මේ BlackBox system වල හැම part එකකටම අවරුදු 3ක Warranty එකක් වගේම System එකේ Failure එකක් ආවොත් ඒක ඉතාමත් අවම කාලයක් ඇතුලත නිවාරදි කරල දෙන්න පියවර ගන්නව කියලයි සදහන් වෙන්නෙ.

මේ Review එක ගැන අදහස් කියන්න

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (9)

Leave a Reply to kavinda Cancel reply

Your email address will not be published. Required fields are marked *