Home PIMP MY PC

PIMP MY PC

 

PIMP MY PC EPISODE 1 with Nanotek Computer Solutions!

තරගයට ඇතුලත් වෙන්න අපි ලබාදීපු නීති රීතී අනුව Video 80ක් පමණ අපට ලැබුන. මේ Video 80 අතරින් තරග නීති රීති වලට අනුව වඩාත් සුදුසු අවසාන තරගකරුවන් 10 දෙනෙක් අපි තෝරගත්ත. මේ තරගකරුවන් 10 දෙනාගෙන් අවසාන ජයග්‍රාහකය තෝරගන්න අපි මනාප විමසුමක් සංවිධානය කරා.

මේ මනාප සහ Pcguidelk විනිෂ්චය මණ්ඩලයක් හරහා ලබාගත් අවසාන තීරණය අනුව තරගයේ PC UPGRADE එක ලබාගන්න වාසනාවන්තයා උනේ පූගොඩ පැල්පිට පදිංචි M.B ඉසුරු සම්පත්. Nanotek Computer Solutions වෙතින් තමන්ගෙ PC එක PIMP කරගන්න ඉසුරු ආපු විදිහ සහ ඒ අත්දැකීම පහත Video එකෙන් බලන්න පුළුවන්.

මෙතනදි ඉසුරුට රු 25,000 ක් පමණ වටින upgrade එකක් දෙන්න අපිට පුළුවන් උනා. ලංකාවේ පළමු වතාවට YouTube Channel එකකින් මේ වගේ වැඩක් කරන්න අපිට සම්පූර්ණ අනුග්‍රහය දැක්වූ දෙහිවල nanotek Computer Solutions ආයතනයටත් එහි කාර්යමණ්ඩලයටත් අපේ ස්තුතිය පුදකරනව.



ඔබ දැන් භාවිතා කරන පරිගණකය අසල සිට පහත සදහන් තොරතුරු ඇතුලත් Videoවක් අපවෙත යොමුකල යුතුයි.

  1. ඔබගේ සම්පූර්ණ නම
  2. නගරය
  3. පරිගණකයේ දැනට ඇති Specifications – CPU model – RAM – Graphics – HDD – CASING
  4. පරිගණකය ප්‍රධානවම භාවිතා කරන්නෙ කුමන වැඩකටයුතු සදහාද
  5. අවසානයේ “Pcguidelk PIMP MY PC හරහා මගේ PC එක හදල දෙන්න” යන වාක්‍ය ඇතුලත් කරන්න.

උදාහරණයක් ලෙස පහත ආකාරයට පරිගණකය සහ ඔබ Video වේ එක් කොටසකදී හෝ ඇතුලත් කරන්න. සියළුම කොටස් වලදී ඔබ රූප රාමුවේ සිටීම අනිවාර්ය නැත. අවශ්‍ය ආකාරයට Edit කිරීම Music ඇතුලත් කිරීම් කල හැක. මෙම Video එක තරගයේ දෙවන කොටසේදී ඡන්ද විමසීම සදහා යොදාගනු ලබයි.

ඉහත තොරතුරු ඇතුලත්ව Videoව ඔබගේ දුරකථන අංකය සමග අපගේ Facebook පිටුව හරහා හෝ  info@pcguide.lk ලිපිනයට එවන්න.

(එක් වරක් පමණක් Facebook පිටුවට හෝ email ලිපිනයට යොමු කරන්න. කිහිපවරක් එවා ඇති Video සදහා තරගයට ඇතුලත් කිරීම සලකා බැලේ)

  • Facebook පිටුවට එවන්නේ නම් Videoව සාමාන්‍ය ආකාරයටMessenger හරහා එවිය හැක.
  • email ලිපිනයට  info@pcguide.lk එවන්නේ නම් Wetransfer / sendspace / Gdrive වැනි File Sharing service එකක් හරහා එවීමට හැක.
  • ඔබගේ දුරකථන අංකයද මේ සමග අනිවාර්යෙන් එවන්න

නීති රීති———————————-

  1. ඉහත සදහන් තොරතුරු සියල්ල ඇතුලත් වීම අනිවාර්ය වේ.
  2. Laptop / Macbook / iMac මේ තරගය සදහා වලංගු නොවේ
  3. CPU Model – RAM සහ අනෙක් තොරතුරු ගැන නොදන්නේ නම් ඒ ගැන නිවැරදිව දැනගෙන කරුණු ඇතුලත් කිරීම අනිවාර්ය වේ.
  4. Video Edit කිරීම කල හැක (ඔබ ඇතුලත් කරන රූප රාමු සියල්ල සත්‍ය සහ ඔබගේ පරිගණකයේ ඒවා විම අනිවාර්ය වේ)
  5. තරගයේ දෙවන කොටසට ඉදිරිපත් වන අය තෝරා ගැනීම අපවිසින් සිදු කරනු ලබන අතර මේ සදහා ඔබ එවන Videoවේ අඩංගු වන තොරතුරු සලකා බැලේ.
  6. ඔබ විසින් අපවෙත යොමු කරන Videoව අප විසින් තරගයේ ඉදිරි කොටස් වලදී Youtube / Facebook හරහා විකාශය කිරීමක් සිදුවේ.
  7. ජයග්‍රාහකයා තෝරාගැනීම තරගයේ දෙවන කොටසේදී ඡන්ද විමසීමක් හරහා සිදුකරනු ලබයි.
  8. ඔබ පරිගණකයට ලබාදෙන Upgrade options අප විසින් තීරණය කර ලබාදෙනු ලැබේ.
  9. තරගයේ තීරණාත්මක අවස්ථාවන් වලදී (ගැටළු ඇති වුවහොත්) ඒ සම්බන්ධ තීරණ ගැනීම අප (Pcguidelk) විසින් සිදුකරනු ලබයි.
  10. කොන්දේසි අදාල වේ