Press ESC to close

මොනවද මේ #Hashtags?

මේ දිනවල ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යයයන් වල Hashtags සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා වෙනවා. මේව පාවිච්චි කරන විදිහ ගැනත් විවිධ මත පල වෙනවා. ඉතින් මේ Hashtags ගැන හැමෝටම තේරෙන විදිහට විස්තරයක් අපි ලිපියක් මාර්ගයෙන් ගෙන එන්න තීරණය කරා.

සමාජ මාධ්‍යයක් භාවිතයෙන් තමන්ගෙ අදහසක්, සන්නාමයක් ප්‍රවර්ධනය කරනවනම් ඒකට භාවිතා කරන්න හොඳම දෙයක් තමයි Hashtags කියන්නෙ. මේව පාවිච්චි කරල ඒ Hashtag එක ගැන උනන්දු පිරිස් වලට තමන්ගෙ content එක පෙන්වන්නත්, ඒ මගින් views, likes, සහ shares වැඩි කරගන්නත් පුලුවන්.

Get Your Site Up with A2 Hosting

Hashtags මුලින්ම භාවිතා වුනේ Twitter වල නමුත් පස්සෙ පස්සෙ Facebook, Instagram, LinkedIn, Pinterest සහ TikTok වගේ අනෙක් සමාජ ජාල වලත් මේ Hashtags භාවිතා කරන්න පටන් ගත්තා. තමන්ගෙ content එකට ගැලපෙනම hashtags භාවිතා කිරීම මගින් ඒ content එක අදාල පිරිස අතර යෑමට උදව් වෙනවා. ඒ වගේම මෙලෙස hashtags යොදාගෙන සාමාජ මාධ්‍යයන් වල එක එක trends හදන්නත් හැකියාව තියනවා. ලංකාවේ මේ වෙද්දි සිද්ද වෙන්නෙත් ඒ වගේ දෙයක්.

මේ වගේ hashtag එකක් හදන්න විශේෂ දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ. කරන්න ඕන එකම දේ තමයි මුලින්ම pound sign (#) එක තියල ඊට පස්සෙ අවශ්‍ය වචනය හෝ වචන කිහිපය ටයිප් කරන එක. හැබැයි මේකෙදි පිලිපදින්න ඕන පොඩි නීති ටිකක් තියනවා. Hashtag එකක් ටයිප් කරද්දි කිසිම වෙලාවක,

  1. වචන අතර ඉඩක් තියන්න එපා.
  2. විරාම ලකුණු තියන්න එපා.
  3. අකුරු සහ ඉලක්කම් වලට අමතරව special characters යොදාගන්නත් එපා.

Hashtags හරියට පාවිච්චි කරමු.

Social media post එකකට නිකන් hashtag එකක් දාන එක ලේසි වගේ පෙනුනත් මේකත් පොඩි art එකක්. හරි විදිහට පාවිච්චි කරපු hashtags තියන post එකකට ලැබෙන engagement එක සාපේක්ෂව එසේ නොකරපු post එකකට වඩා වැඩියි. සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල algorithms වැඩ කරන විදිහ හරියටම අපිට කියන්න බැරි වුනත් හරි විදිහට hashtags භාවිතා කරන්න ගන්න පුලුවන් පියවරවල් කිහිපයක් තියනවා.

  1. එක post එකක hashtags ගොඩක් පාවිච්චි කරන්න එපා. එක එක social media වෙබ් අඩවි වල මේ අගය වෙනස් වුනත් බොහෝ වෙලාවට උපරිම වශයෙන් hashtags 3කට වඩා එක post එකක යොදානොගෙන ඉන්න එක algorithm එක සතුටු කරන්න කාරනාවක් වෙන්න පුලුවන්.
  2. Hashtag එකක් නිර්මාණයේදී වගේම භාවිතයේදී කෙටි වගේම මතක තියාගන්න පහසු hashtags යොදාගන්න.
  3. අමුතු වචන යොදාගෙන hashtags නිර්මාණය හා භාවිතා කරන්න එපා. කෙනෙක්ට ලේසියෙන් මතක තියාගන්න පුලුවන් සරල වචන භාවිතා කරල hashtags හදන්න.
  4. පාවිච්චි කරන hashtags තමන්ගෙ post එකට ගැලපෙනවනම් විතරක් පාවිච්චි කරන්න. වැඩි engagement එකක් බලාපොරොත්තුවෙන් පුළුල් පරාසයක විහිදුනු hashtag එකක් භාවිතා කිරීම එච්චර සාර්ථක දෙයක් නෙවෙයි.
  5. තමන්ගෙ හැම post එකකටම hashtags භාවිතා කරන්න එපා. අදාල මාතෘකාවට අගයක් එක් කරන post එකකට hashtags යොදාගැනීමෙන් ඒ hashtag එකේ quality එක වැඩි වෙනව වගේම post එකේ engagement එකත් වැඩි කරන්න ඒක හේතුවක් වේවී.
  6. Hashtags නිකන්ම posts වලට යොදා ගන්නව වගේම තමන් කැමති දේවල් වලට අදාල hashtags පරික්ෂා කරන්නත් අමතක කරන්න එපා, එමගින් ඒ මාතෘකා වලට අදාල contents මොනවද කියල බලාගන්න පුලුවන්.

ලිපිය ඉවර කරන්න කලින් තව කරුණු කිහිපයක් එක් කරන්න කැමතියි මේ දිනවල hashtags භාවිතය පිලිබඳව.

  1. Hashtags භාවිතා කරද්දි නිකන්ම hashtag එක දානවට වඩා content එකක් සහිත post එකකට hashtags යොදාගැනීම සාර්ථකයි.
  2. සමාජ ජාල තුල භාවිතා කරන hashtags බලපෑමක් සිදු කරන්නෙ නෑ Google Trends වලට. Google Trends වලට හුඟක්ම බලපාන්නෙ Google search engine එක මත සිදු කරන සෙවුම් ගණනයි.
  3. Facebook වල comments විදිහට hashtags යොදාගැනීම hashtag එක trend වීමට උදව්වක් වෙන්නෙ නෑ. Twitter වල වගේනම් reply එකත් Tweet එකක් ලෙස සැලකෙන නිසා ඒවට hashtags යොදාගැනීම සාර්ථකයි.
  4. Hashtag එකක් රැල්ලට පාවිච්චි කරන්න කලින් ඒකෙ ආරම්භය ගැන සොයා බැලීමෙන් සිදුවෙන්න පුලුවන් අපහසුතා මගහරවගන්න පුලුවන්.

මේ hashtags ප්‍රතිඵලදායකද? අනිවාර්‍යයෙන්ම ඔව්. මෑතකාලීන ලෝක ඉතිහාසයේ හුඟක් පෙරළි ආරම්භ වෙලා තියෙන්නෙ social medias වල trend වුන hashtag එකකින්.

Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *