Home Tech News Explained DVD Rent කිරීම නවත්වන Netflix
ExplainedInternetTech News

DVD Rent කිරීම නවත්වන Netflix

Share
blank
Share

Netflix සමාගම දැන් streaming service එකක් ලෙස ප්‍රසිද්ධ වුනත් ඔවුන් මුලින්ම ආරම්භ කල ව්‍යාපාරය තමයි චිත්‍රපට හා ටෙලි කතා DVD rent කිරීම. එකල පරිශීලකයන්ට DVD.com වෙත පිවිස තමන්ට අවශ්‍ය DVD තැටි ඇනවුම් කර නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තිබුන.

කෙසේ නමුත් නවතම නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසා තිබුනෙ ඔවුන් මෙම DVD Rental ව්‍යාපාරය සම්පූර්නයෙන්ම නවතා දමන බවයි. මෙහි දැනටමත් ඇති ඇනවුම් සැප්තැම්බර් 29 වන දින යවා අවසන් කරන බවත් ඉන්පසු මෙම සේවාව නවතා දමන බවත් සමාගම පවසා තිබුනා. ඔවුන් මෙම DVD ව්‍යාපාරය ආරම්බ කරල දැනට වසර 25 වෙනව.

මොවුන් DVD.com යන ඩොමේන් එක ලබාගෙන වෙබ් අඩවියක් ලෙස ආරම්බ කරන ලද්දෙ 2012 වර්ශයෙදි. Netflix සමාගම පවසන ආකාරයට ඔවුන් මුලින්ම බෙදාහැර තිබෙන DVD වන්නෙ Beetle juice නම් 1998දි තිරගත වුනු චිත්‍රපටියක්. එහි ඔවුන් පිටපත් බිලියන 5.2 විකුනා තිබෙනව.

එකල DVD මගින් උපයන ලද ආදායම මෙන් දසගුණයක් පමන දැන් ඔවුන් ඔවුන්ගේ streaming service එක හරහා උපයන බවයි වාර්තා වෙන්නෙ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...