Home Tech News DIY Enthusiastsලා වෙනුවෙන්ම ආපු අලුත්ම MSI Products
Tech News

DIY Enthusiastsලා වෙනුවෙන්ම ආපු අලුත්ම MSI Products

Share
blank
Share

MSI motherboards ගේමින් සහ AI වැඩවලට ගැලපෙන්න සුපිරිම hardware වලින් හදලා තියෙනවා. MEG X870E GODLIKE motherboard එක X870 platform එකේ, AMD Ryzen 9 9950X3D processor එකක්, GeForce RTX™ 5090 GPU, MEG Ai1600T PSU එකක් එක්ක, 256GB DDR5 memory එකක් එකතු වෙලා ඉහළම AI computing power එකක් සමන්විත වෙනවා. Deepseek R1 70b වගේ large language model demo එකකින් ඒක ඔප්පු කරලා තියෙනවා.

AI Robot එක එදිනෙදා උදව්වට තියෙන බුද්ධිමත් AI assistant එකක්. MSI Center එක natural language එකෙන් control කරන්න පුලුවන් වගෙම, ඔයා scenario එක කිව්වම ඒක තේරුම් ගෙන වැඩ කරනවා. Agentic AI එක නිසා meeting record කරලා summarize කරන්න වගේ ගැටලුකාරී වැඩ human help එක අඩුවෙන් කරගන්න පුළුවන්. Edge AI එකෙන් documents summarize කරන්නත් පුළුවන්.

DigiME හි MIA කියන්නෙ advanced AI එකකින් යුත් virtual assistant එකක්, එකෙ Large Language Model එකෙන් ඔයාගේ අදහස් තේරුම් ගන්නවා, Text-to-Speech එකෙන් real-time voice එකකින් පිළිතුරු දෙනවා, 3D avatars එකෙන් ඇත්ත වගේ interaction එකක් දෙනවා. MSI products ගැන expert කෙනෙක් වගෙම, tech industry specialists, caring companion කෙනෙක් විදිහට MIA personal සහ professional වැඩවලට smart උදව් දෙනවා. AI එක්ක engage වෙන අලුත්ම විදිහ තමයි මේක.

අලුත්ම Motherboards, Models සහ Design

MEG X870E ACE කියන්නෙ MSI ලාගේ MEG series එකට ආපහු එන ATX motherboard එකක්. ලස්සන black design එකකට gold accents එක්ක aesthetic lighting එනවා. මේකෙ Wavy Fin design, Direct Touch Cross Heat-pipe, Server-grade PCB එකෙන් premium cooling එකක් ලැබෙනවා. 18+2+1 Duet Rail Power system එක 110A SPS එකත් එක්ක, Lightning Gen 5 PCIe, M.2, Wi-Fi 7, 10G LAN, USB 40 Gbps support කරනවා.

MPG X870I EDGE TI WIFI සහ MPG B850I EDGE TI WIFI කියන්නෙ Mini-ITX වලට කැමති කට්ටියට ගැලපෙන silver-white design එකකින් AM5 platform එකෙ එන motherboards. B850I EDGE TI WIFI එක 8-phase power design, Lightning Gen 5 PCIe, M.2, 5G LAN, Wi-Fi 7 එක්ක performance එක නම් ඉහලයි. MPG X870I EDGE TI WIFI එක USB 40 Gbps support කරනවා වගෙම, 5-in-1 Xpander card, EZ M.2 Shield Frozr එකත් එක්ක DIY experience එක තවත් ඉහළට ගන්නවා.

MAG X870E TOMAHAWK WIFI PZ කියන්නෙ MAG series එකේ පළමු back-connect motherboard එක. Silver-white design එක MAG PANO cases වලට ගැලපෙනවා. Lightning Gen 5, USB 40 Gbps, Wi-Fi 7, 5G LAN එක්ක latest connectivity මෙකත් එක්ක එනවා. EZ DIY එකත් back-connect design එකත් cable management එක ලේසි කරනවා.

B850MPOWER  කියන්නෙ MSIලාගෙ Overclocking වලටම හදපු පළමු mATX board එක. 2-DIMM design එකෙන් clean signal එකකින් memory performance එක ඉහළට ගන්නවා. EZ Dashboard එක power, reset, clear CMOS buttons, debug LED එකත් එක්ක overclocking ලේසි කරනවා. Smooth process එකක් ලබාදෙනවා.

PinSafe Design එක කියන්නෙ MSIලාගෙ ගේ නව patent-pending feature එකක්. Motherboard assemble කරනකොට sharp pins වලින් තුවාල වෙන එක block කරනවා. මේ feature එක User-friendly සහ safe experience එකක් දෙනවා.

Flagship PC Cases

MEG MAESTRO 900 Series: 2025 හි flagship chassis එක තමයි මේක. ගේමර්ස්ලට තමන්ගේ components පෙන්නන්න ලස්සන showcase එකක්. Diamond chamfer edges, triple-sided tempered glass, lighting deco එකත් එක්ක elegant look එකක් එනවා. 4-directional motherboard tray එක test bench එකක් විදිහටත් වැඩ කරනවා. Expandable I/O panel එකත්, custom liquid cooling systems එක්ක compatibility එකත් එක්ක visual appeal එක විතරක් නෙමෙයි, සුපිරි performance එකකුත් ලබාදෙනවා.

MAG PANO 130R PZ: PANO series එකේ අලුත්ම එක. Panoramic tempered glass එකෙන් ඇතුළත setup එක හැම angle එකකින්ම බලන්න පුළුවන්. ATX, Micro-ATX back-connect motherboards වලට ගැලපෙනවා, cable management එක ලේසි කරන්න space එකත් තියෙනවා. Rotatable PCIe Bracket එක horizontal, vertical GPU installations දෙකම support කරනවා,

MAG VISION LITE 12: මේක PC build එක next level එකට ගන්න accessory එකක්. 12.3-inch, 1920×720 resolution display එකක් PANO, VELOX 300, MAESTRO series cases වලට ගැළපෙනවා. Vertical, horizontal directions දෙකම support කරනවා, USB cables දෙකකින් case එක ඇතුළේ හෝ desktop එකේ ඕනෑම තැනක තියන්න පුළුවන්. MSI Center එකෙන් setup කරන්න හෝ second display එකක් විදිහට content පෙන්නන්න dual-mode support එකත් තියෙනවා.

Next Gen Design එකත් එක්ක එන අලුත්ම Liquid Coolers

MEG CORELIQUID E13 Series: මේක High-end cooling කියන එක next level එකට ගෙනියනවා. 6-inch LCD panel එක customizable secondary screen එකක් විදිහට real-time system monitoring එකට උදව් වෙනවා. POGO-PIN swivel mount එකෙන් rotating block head එක installation හා adjustments ලේසි කරනවා. Center-Flow radiator design එකෙන් tube routing එක simple වෙනවා, cable management එකත් ලස්සනට optimize වෙනවා. High-performance thermal compound එකෙන් heat transfer එක උපරිම වෙලා CPU performance එක ඉහළම තැනකට ගෙනියනවා.

MPG CORELIQUID P13 Series: Water droplet එකකින් inspire වුණ curved glass design එකෙන් ලස්සන aesthetic look එකක් එනවා. 2.1-inch LCD panel එක premium glass යටින් real-time monitoring, video playback, personalized content support කරනවා. Streamline design එක cables ටියුබ් ඇතුළේ hide කරලා clean, elegant look එකක් ගේනවා. UNI Bracket එක AMD, Intel platforms දෙකටම ගැලපෙනවා, installation එකත් ලේසි කරනවා.

Power Supplies

MAG A1000GLS PCIE5: MAG series එකේ අලුත්ම PSU lineup එක. Silent, high performance එකක් ලබාදෙනවා, temperature එකත් noise එකත් අඩුයි. 80 Plus, Cybenetics, PPLP certifications එක්ක ATX 3.1 standard එකෙන් 220% power excursion එකක් ගේනවා. Gold efficiency PSU එකක්, 1000W, 850W, 750W, 650W options තියෙනවා. Dual color 12V-2×6 connector එකක්, embossed jacket modular cable එකක් එක්ක RTX 5080, 5090 වගේ high-end GPUs වලට ready. MAG A1000GL PCIE5 WHITE එක white theme builds වලට ගැලපෙන higher wattage option එකක් white color scheme එකකින් එනවා.

IRONMOUSE Themed Gaming PC

IRONMOUSE එක්ක Themed Gaming PC: MSI එක VShojo group එකේ popular VTuber IRONMOUSE එක්ක එකතු වෙලා limited-edition IRONMOUSE-themed gaming PC එකක් එළිදැක්වුවා. ඇගේ whimsical demon queen vibe එක hardware එකට ගෙනත් fans ලට unique visual experience එකක් දෙනවා. Pink, peach, purple colors එක්ක heart motifs, devil horns, magical bells, demon mascot එක design එකට එකතු වෙලා playful look එකක් ගේනවා.

Motherboard: MPG X870E EDGE TI WIFI එක heart-shaped iconography එක්ක custom graphics වලින් technical component එකක් bold look එකක් දෙනවා.

Monitor: MPG 321URXW QD-OLED එක white frame එකකට pink, purple touches, rear එකේ playful emblem එකක් එක්ක හැම angle එකකින්ම character එකක් එනවා.

Liquid Cooling: MAG CORELIQUID A13 360 එක themed fan stickers, pump head එකේ heart details, devilish mascot එක්ක cute එකත් edgy එකත් mix වුණ centerpiece එකක්.

Case: MAG PANO 100R PZ එක sleek white base එකකට pink vibes, custom-printed glass panels එක්ක heart motifs එනවා, IRONMOUSE ගේ cute එකත් chaotic එකත් personality එක reflect කරනවා

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...