Contact Information

WhatsApp Us

MSI B250M PRO-VH Unboxing

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

intel B250 chipset එකත් එක්ක එන  MSI B250M PRO-VH Motherboard එකේ unboxing එක තමයි මේ. රු 10,000 -15,000 අතර price range එකේ තියෙන මේ Board එක budget build එකකට ගැලපෙනව.

Unboxing Package එක

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Box එකේ තියෙන දේවල් වෙන්නෙ

  • MSI B250M PRO-VH Motherboard එක
  • SATA Cable 2ක්
  • Driver/ Utilities DVD එක
  • Stainless Steel I/O Plate එක

MSI B250M PRO-VH Motherboard එකේ unboxing video එකත් බලන්න

Features

Motherboard එකේ තියෙන intel B250 chipset එකත් එක්ක මේ Board එක intel 6 / 7 generation CPU වලට support කරත් overclocking වලට සහය දක්වන්නෙ නැහැ. මේ Board එකට intel Pentium / Core i3, Core i5, Core i7 CPU පාවිච්චි කරන්න පුලුවන්.

විශේෂ දෙයක් විදිහට මේ Board එකේ එන EZ Debug LED පහසුකම තියෙනව. මේ හරහා Computer එකේ CPU, VGA, RAM BIOS වල error එකක් ආවොත් ඒ ගැන ලේසියෙන්ම දැනගන්න හැකියාව ලබා දෙනව. ඉතින් මේක Trouble shooting වලදි ගොඩක් වැදගත් වෙනව.

Expansion Ports

  • LGA 1151 socket – intel 6 / 7 Generation CPU (Pentium / i3 / i5 / i7)
  • RAM slot – 2 (Dual channel) 32Gb දක්වා DDR4 RAM මේකට භාවිතා කරන්න පුලුවන්
  • PCI Express 3.0 port – 1
  • PCI E X1 port – 2
  • 6Gbps SATA port – 6
  • M2 Slot – 1

 

Back I/O Panel එකේ අඩංගු දේවල්

  • PS2 – Mouse/Keyboard connector
  • USB 2.0 port – 2
  • USB 3.1 Gen 1 port – 4
  • VGA port – 1
  • HDMI port – 1
  • LAN port -1
  • Audio jacks – Line in – line out – Mic in

Experience එක සහ Build Quality

Budget build එකක් හදන කෙනෙකුට වගේම  Gaming Build එකක් හදන කෙනෙකුටත් මේ MSI B250M PRO-VH Motherboard එක හොද තෝරා ගැනීමක්. RGB LED වගේ දේවල් නැති උනාට Motherboard එකකට අවශ්‍ය ප්‍රධාන Expansion ports සහ හොද Build Quality එකක් වගේම අවුරුදු 3ක වගකීමක් එක්ක මේක මිලට ගන්න පුලුවන්.

Experience එක සහ මිල

MSI B250M PRO-VH Motherboard එකේ අලුත්ම මිලගණන් දැනගන්න Nanotek computer solutions price list එකට යන්න.

 

Share:

3 Comments

  • Thilan Abeysuriya, June 12, 2017 @ 10:21 am Reply

    Thanks for the unboxing vedio.. Keep it up bro..

  • Sampath Sandaruwan, November 8, 2017 @ 9:28 pm Reply

    අයියේ මට උදවුවක් කරන්න පුලුවන්ද? මම කලින් පාවිච්චි කරේ msi ⁣motherboard එකක්. ඒක වැඩ නැතිව අරන් ගියා ගත්තු තැනට ඒකත් වහලා. ඉතින් මම msi site එකේ දැම්මා මේ ගැන. ටික දවසකින් මට call එකක් ආවා කියුවා බෝඩ් එකත් අරන් එන්න කියලා මට මතක විදියට නම් bauddhaloka මාවතට. ගියාම replace කරල දුන්නා බෝඩ් එක. එතනින් අලුතින් ගන්න පුලුවන් කියුවා ඕනම බෝඩ් එකක්. දැන් මට එතනට යන පාර මතක නෑ. මට msi z270 m5 එකක් ගන්න ඕනි. වට පිටින් අහල බැලුවා අඩුම 32000ක් කියුවා තැනකින්. මට Agent හොයා ගන්න උදව් කරන්න.

Leave a Reply to Sampath Sandaruwan Cancel reply

Your email address will not be published. Required fields are marked *