Home Tech News Internet Android වලටත් Petal Maps එයි
InternetPhonessoftwareTech News

Android වලටත් Petal Maps එයි

Share
blank
Share

2019 දි Huawei සමාගමට ඇමරිකානු සමාගම් වල නිෂ්පාදන (Hardware සහ Software) භාවිතය තහනම් වීමත් සමගම Telecommunication ලෝකයේ අංක 1වූ සමාගමට Smart Phone ලෝකයේ කිරුළ අතහරින්න සිදුවුනා. මෙම සම්භාධක නිසා තවදුරටත් Android OS එකට ලැබෙන GMS – Google Mobile Services install කිරීමට නොහැකි වීම නිසා නිල වශයෙන් Gmail, Google Maps ආදිය නව Huawei Device වල ලැබෙන්නෙ නැහැ.

මෙම අවස්ථාවට ධනාත්මක ලෙස මුහුණ දෙමින් Huawei සමාගම තමන්ගේම Software Alternatives නිර්මාණය කරන බව ප්‍රකාශ කලා. මේ අනුව Google Mobile Services (GMS) වෙනුවට Huawei Mobile Services (HMS) යටතේ Maps, Mail ආදිය නිර්මාණය කිරීම ආරම්භ උනා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ආරම්භ කල Petal Maps – 2022 වන වට Huawei Phones වලට වගේම 2021 දෙසැම්බර් 30 දින සිට Android වලටත් නිකුත් කර තිබෙනවා. දැන් ඔබට Android Play Store එකෙන් Huawei Petal Maps Download කරගන්න පුළුවන්.

මේ සමගම නවතම 2.1.0.306 සංස්කරණය හරහා Offline Maps පහසුකමත් petal Maps වලට එක් කර තිබෙනවා. මේ හරහා Data පහසුකම නැති අවස්ථාවලදී GPS පමණක් උපයෝගී කරගෙන ක්‍රියාත්මක විය හැකි ලෙස අවශ්‍ය Map එක Download කරගන්න පුළුවන් වෙනව.

මේ සමගම නව Update එකෙන් Lane Navigation Feature එකත් ලබාදීල තියෙනව. මේ Petal Maps ලබාගැනීමට ඔබේ Device එක Android 7 හො වැඩි විය යුතුයි. ලංකාවේත් කොළඹ සහ නගරාශ්‍රිතව Navigation පවා යම්තාක් දුරට නිවැරදි ලෙස කරගන්න Petal Maps හරහා හැකියාව ලැබෙනව. දැනටමත් Android Phone එකක් භාවිතා කරන ඔයත් Petal Maps Install කරගෙන Huawei සමාගම 2019 සිට සිදුකර ඇති දියුණු කිරීම් ගැන දැනගන්න පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

  • ඇත්තටම හොඳ දෙයක්. තරගයක් තියෙන තරමට අපට ඒක වාසියක් වෙනව. එදා මෙදාතුර ආව හොඳම competitive Map solution එක වගේ.

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...