Home Tech News Ai සියලුම AI models අභිබවා යන Grok 4
AiTech News

සියලුම AI models අභිබවා යන Grok 4

Share
blank
Share

Elon Musk දැන් ඔහුගේ AI සමාගම වන xAI විසින් හඳුන්වාදුන් Grok 4 කියන නවතම AI model එකට, benchmark tests වල අනෙක් සියලුම වැඩසටහන් වලට වඩා වැඩි score එකක් ගන්න හැකි වෙලා තියනවා.

Grok 4 Heavy කියන enhanced version එක, ARC AGI (Artificial General Intelligence) benchmark එකේදී 15.9% score එකක් අරන් තියනවා. ඒ කියන්නේ Claude Opus 4 වගේ top AI models පවා පසුකරලා Elon Musk ගේ AI එක rank එකේ ඉස්සරහට ඇවිල්ලා. ඒක AI model එකක් ලබාගන්න පුළුවන් ඉහළම reasoning score එකක්.

මීට අමතරව, “Humanity’s Last Exam” කියන test එකකදිත් Grok 4 Heavy model එක 44.4% score එකක් ගත්තා. මේ exam එක තියෙන්නෙ human-level intelligence test එකක් වගේ. ඒකේ OpenAI O3 (24.9%), Gemini 1.5 Pro (26.9%) අගයන් ලබාගෙන තිබෙන අතර Grok AI එක අනෙක් models වලට වඩා දෙගුණයක පමන score එකක් ලබාගන්න සමත් වෙලා තියනවා.

xAI කියන සමාගම දැන් Grok 4 සහ Grok 4 Heavy කියන models දෙකම X (ex-Twitter) platform එක හරහා ලබාදෙනවා. ඒත් වැඩිපුර features තියෙන්නෙ Grok 4 Heavy model එකට විශේෂයෙන් developers, researchers, සහ power users වගේ අයට. මේකට access එක ලැබෙන්න, $30/month plan එකක් හෝ “Premium+” plan එකක් ගන්න ඕනේ.

වැඩි විස්තර වලින් සදහන් වෙන්නෙ Grok 4 කියන AI එක multi-agent architecture එකක් භාවිත කරන බවයි. ඒ කියන්නේ, Grok තුළ agents කිහිපයක් එක්ව වැඩ කරනවා. 

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...