Home Tech News C++ වෙනුවට Google Carbon
Tech News

C++ වෙනුවට Google Carbon

Share
blank
Share

ගුගල් සමාගම විසින් නිර්මාණය කරන ලද අලුත්ම පරිගණක ක්‍රමලේඛ භාෂාව තමයි Google Carbon කියන්නෙ. මෙය C++ (isocpp.org) ක්‍රමලේඛ භාෂාව වෙනුවට භාවිතා කළ හැකි, ඊට වඩා කාර්යක්ෂම ක්‍රමලේක බාශාවක්. Open Source Programming Language එකක් වෙන මෙහි සියලුම සම්පත් කාටත් නොමිලේ ලබා ගත හැකි Github ව්‍යාපෘතියක් වශයෙන් තබා තිබෙනව.

යම් programming language එකක් වැඩි වශයෙන් භාවිතා කරන විට ඉන් කිසිසේත්ම කළ නොහැකි හෝ කාර්යක්ෂමව කළනොහැකි හෝ වැඩ මොනවාදැයි යන්න හඳුනා ගත හැකියි. එවිට එම ක්‍රමලේඛ භාෂාව වෙනුවට එහි ස්වභාවයම ගත් නමුත් අලුත් ක්‍රමලේඛ භාෂා නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මතු වෙනව. ඒවා අනුප්‍රාප්තික ක්‍රමලේඛ භාෂා ලෙස හඳුන්වනව.

ඇන්ඩ්‍රොයිඩ් ඇප් නිර්මාණය කිරීම පිණිස මුලින් යොදාගත් ජාවා වැඩසටහනෙන් කළ නොහැකි වැඩ කිරීම පිණිස මෙසේ නිර්මාණය කළ අනුප්‍රාප්තික ක්‍රමලේඛ භාෂාව kotlin ය. iOS App නිර්මාණය කිරීම පිණිස යොදාගත් Object C ක්‍රමලේඛ භාෂාව වෙනුවට Swift අනුප්‍රාප්තික ක්‍රමලේඛ භාෂාව හඳුන්වා දී තිබෙනව. ජාවා ස්ක්‍රිප්ට් (JavaScript) වෙනුවට Microsoft TIScript අනුප්‍රාප්තික ක්‍රමලේඛ භාෂාව ඉදිරිපත් කරා. ඒ අනුව ගත් විට Carbon යනු C++ ක්‍රමලේඛ භාෂාවේ අනුප්‍රාප්තිකයායි.

මීට කලින් C++ භාෂාවට අනුප්‍රාප්තික භාෂාවක් ලෙස මොසිල්ලා පදනමෙන් RUST නමින් භාෂාවක් නිරිමාණය කරන තිබුන. එහෙත් C++ වෙතින්කළ වැඩ පරිසරය RUST වෙත අනුකූල කර ගැනීමේ යම් යම් අපහසුතා තිබෙනව.Google Carbon ක්‍රමලේඛ භාෂාවේදී එසේ නැත. සුමටව එම හුවමාරුව කළ හැක.

පරිගණකය නිරන්තරයෙන්ම ගැටලු විසඳමින් සිටී. ඒ ගැටලු වල හැටි හැටියට, එය විසඳන ක්‍රමය මේ මේ යැයි කියන උපදෙස් මාලාවක් පරිගණකයට කලින්ම යොදා තිබෙනව. මෘදුකාංගයක් යනු ඒ උපදෙස් කන්දරාවයි. පරිගණකයට අප විසින් උපදෙස් ලබා දෙන්නේ ඊට තේරෙන බසකින්. ක්‍රමලේඛ භාෂාව එයයි. එනිසා අලුතින් ක්‍රමලේඛ භාෂාවක් තැනීම පහසු නැහැ. එසේ වුවත් ගූගල් සමාගම කාලයක් තිස්සේම විවිධ පරිගණක ක්‍රමලේඛ භාෂා නිර්මාණය කරමින් සිටිනව.

Dart යනු එවැනි සාර්ථක ක්‍රමලේඛ භාෂාවකි. මෙය මූලික වශයෙන් වෙබ් අඩවි සහ ඒවාට උචිත නොයෙක් ඇප්ලිකේෂන් නිර්මාණය කරන්නට යොදාගත හැකි පරිගණක ක්‍රමලේඛ භාෂාවකි. එනම් වෙබ් ප්‍රෝග්‍රැමිං ලැංග්විජ් එකකි. ගූගල් සමාගමේ පර්යේෂකයින් මෙම අලුත් ක්‍රමලේඛ භාෂාව නිර්මාණය කරන්නට ආභාෂය ලබා ගත්තේ දැනට තිබෙන වෙබ් ප්‍රෝග්‍රැමිං භාෂා ගණනාවකිනි. ජාවා ස්ක්‍රිප්ට්, කොෆී ස්ක්‍රිප්ට් යනු ඉන්කීපයක්. එසේම ජාවා සහ ක්ලෝජර් යන ක්‍රම ලේඛ භාෂා වලින්ද ආභාෂය ලබාගෙන තිබෙනව.

ගූගල් සමාගමේ ගෝ ලැංග් යනු තවත් එවැනි ක්‍රමලේඛ භාෂාවක්. ගෝ ක්‍රමලේඛ භාෂාව පයිතන් සහ සී ප්ලස් ප්ලස්වල එකතුවක් ලෙස අර්ථ දක්වන්නෝද සිටිනව. පර්ල් පීඑච් පී ක්‍රමලේඛ භාෂාවලින් බොහෝ සහ රූබි යන ඕපන්සෝස් ගුණාංගද මෙය හා එක් කොට තිබේ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...