Home Reviews Gigabyte Force K85 RGB Keyboard unboxing
Reviews

Gigabyte Force K85 RGB Keyboard unboxing

Share
blank
Share

Gaming වලටම විශේෂයෙන් හදල තියෙන Computer Accessories/ components වල එ් සදහාම නොයෙකුත් විශේෂාංග එකතු කරල තියෙනව. අද අපි unbox කරන Gigabyte FORCE K85 RGB Gaming keyboard එකත් මේ වගේ විශේෂ ගුණාංග තියෙන gaming mouse එකක්.

Unboxing Package එක

Box එක ඇතුලෙ තියෙන්නෙ Gigabyte FORCE K85 RGB Gaming keyboard එක විතරයි.

 

Features

Non Slip Rubber Grip – keyboard එක යට තියෙන Rubber grips වලින් Keyboard එක තියෙන මතුපිටින් ලිස්සල යන එක නවත්තනව. මේ නිසා heavy gaming වලදි ඕනම Stress එකක් දරාගෙන ඉන්න මේ Keyboard එකට පුලුවන්.

Gigabyte RED Mechanical Switches – මේ keyboard එකට පාවිච්චි කරල තියෙන්නෙ Gaming RED Mechanical Switch වලට click මිලියන 70ක් දක්වා දරාගන්න පුලුවන් කියල සදහන් කරල තියෙනව. මේ Mechanical Switch වල හොද Travel එකක් වගේම හොද feedback එකකුත් කියෙනව.

RGB controllable lighting – Keyboard එකේ හැම key එකකටම RGB LED lights තියෙනව. මේක කිසිම software එකක් නැතුව keyboard එකේ තියෙන hot key වලින් පාලනය කරන්න පුලුවන්. RGB lights  එක එක විදිහට පාලනය කරන්න පුලුවන් වගේම පාට මිලියන 16.8ක පරාසයක් දක්වා වෙනස් කරන්න පුලුවන්.

Gigabyte Force Software – Gigabyte web site එකෙන් ගන්න පුලුවන් මේ පුංචි software එකෙන් (2.5 MB) මේ Force k-85 keyboard එකේ RGB lighting ඉතාමත් හොදට පාලනය කරන්න පුලුවන්. මේකෙ තියෙන options වලින් short cut වලින් control කරනවට වඩා මේ LED lights පාලනය කරන්න පුලුවන්.

Winlock function – keyboard එකේ තියෙන මේ පහසුකම කොච්චර වැදගත්ද කියල දන්නෙ gamer කෙනෙක්ම තමයි. Game එකක් ගහන අතරෙ වැරදිල Windows key එක එබිල start menu එක pop up වෙන එක මේකෙන් නවත්තන්න පුලුවන්.

Anti ghosting –  game එකකදි keys කිහිපයක් එකපාර ඔබල input එකක් දෙනකොට ඒක කිසිම ගැටලුවක් නැතුව Computer එකට දෙන්න මේ function එකෙන් පුලුවන්.

Experience එක සහ Build Quality

keyboard එක හොද බරක් එක්ක Rough & Tough පාවිච්චියට හදල තියෙනව. Mechanical keys වල quality එකත් ගොඩක් හොදයි. Gaming වලදි කිසිම කරදරයක් නැතුව game එකට හිත යොමු කරන් keyboard එක අමතක කරන්න පුලුවන් පහසුවක් වගේම හොද key feedback එකක් තියෙන keyboard එකක්.

මිල සහ warranty

මේ ලිපිය ලියද්දි Gigabyte Force k-85 keyboard එකේ මිළ රු 11,000ක් වෙනව. අලුත්ම මිලගණන් දැනගන්න Nanotek computer solutions price list එකට යන්න.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

Business වැඩට High Security – Tough Design එකක් එක්ක asus P5

Gaming වලින් Business වැඩ වෙනස් වෙන්නෙ අතිශය සංවේදී business details ආරක්ෂිතව තියාගන්න...

Professional වැඩවලට Asus ProArt Displays

Real world Colors ඒ වගේම පෙන්වන්න පුළුවන් ΔE<2අගයක් තියෙන Asus ProArt series...

MSI Pro Series MP223 Monitor Review

MSI Pro Series එකේ අගල් 22 Monitor එක දැන් ලංකාව පුරාම Computer...